Home අද මාසික කුලිය ලක්ෂ 46ක් ගෙවන්න බෑ – නිල නිවසෙන් පිට වෙනවා –...

මාසික කුලිය ලක්ෂ 46ක් ගෙවන්න බෑ – නිල නිවසෙන් පිට වෙනවා – රාජපක්ෂ පවුල තීරණය කරයි

1224
0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශයට අනුව තමන් පදිංචිව සිටින නිල නිවසේ මාසික කුලිය වන රුපියල් ලක්ෂ 46 ක මුදල ගෙවා ගත නොහැකිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම නිල නිවසින් ඉවත්ව යෑමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ ” ඉඩමට නැතුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැනට පදිංචිව සිටින නිල නිවසේ මාසික තක්සේරුව රුපියල් ලක්ෂ 46 ක් වෙනවා
පණතේ හැටියට ගේ ගන්නවා .නැතිනම් රුපියල් 30.000 ක් ගෙවනවා ගෙයි ඉන්නවා නම් ඉතුරු ගාන ගෙවිය යුතුයි ”

මේ අනුව ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පසු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් රැස්වී ඒ ගැන සාකච්ඡා කර ඇති අතර එහිදී නිල නිවසින් ඉවත්ව යා යුතු බවට යෝජනා වී තිබේ.

රුපියල් ලක්ෂ හතලිස් හයක් වැනි මුදලක් මාසිකව ගෙවිය යුතු නැති බව සාකච්ඡාවට එක්ව සිටි පවුලේ සාමාජිකයන්ට වැඩි දෙනෙක් මතය වී ඇත.

තම ආරක්ෂාව හා නිල නිවස සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය ලිඛිතව ගෙන්වා ගැනීමට ද මෙහිදී යෝජනා වී ඇති බව පොදු ජන පෙරමුණේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය

Previous articleවිජිත් විජයමුණිට ඇප !
Next article’97 හොඳම බස්රථ රියදුරා ‘Clean Sri Lanka’ ගැන කියපු කතාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here