වෙළෙඳ පොළේ සහල් මිල අධික වීමත්, රතු කැකුළු සහල් වෙළෙඳ පොළේ හිඟවීමත් සම්බන්ධයෙන් පැමිණිල්ලක් තමන්ට ලැබී නැති බව කෘෂිකර්ම වාරිමාර්ග හා ගොවිජන සේවා අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි .
රතු කැකුළු සහල් හිඟයක් ඇති බවත් තමන්ට කිසිවකු පවසා නැති බවත් වෙළෙඳ පොළේ ඕනෑ තරම් සහල් හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට ඇති බවත් ඔහු සඳහන් කළේය .
ලාල් කාන්ත අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර ශාලාවේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වමිනි.
එහිදී මත්පැන් මිල ඉතා අධික ලෙස ඉහළ යාමත් සාමාන්‍ය ජනතාව භාවිත කරන මත්පැන් මිල ඉහළ දැමීමෙන් ඔවුන් අපහසුතාවයට පත්වී සිටීම සම්බන්ධවද විමසුණු අතර ඊට අමාත්‍යවරයා මෙසේ පවසා තිබේ.
” ඔව් මටත් ඒ ගැන නම් සිත් වේදනාවක් තියනවා දුකයි තමයි.ඒත් මොනව කරන්නද ආණ්ඩුවට වියදම් පියවා ගන්න තිබෙනවා. බදු වැඩි නොකර වෙන කරන්න දෙයක් නැහැ.”