Home අද ගන්දර අනතුරෙන් 40ක් රෝහලේ

ගන්දර අනතුරෙන් 40ක් රෝහලේ

10
0

මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී අද (19) පෙරවරුවේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මගීන් 40 ට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

තුවාලකරුවන් 29 දෙනෙකු ගන්දර රෝහලටත් සෙසු පුද්ගලයන් මාතර රෝහලටත් ඇතුළත් කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාව වන විට බස්රථ දෙකෙහි මගීන් සියයකට අධික පිරිසක් සිට ඇති බව පොලිස් නිලධාරියා වැඩිදුරටත්  පැවසීය.

Previous articleඅපි ආයෙත් සිලින්ඩරයෙන් එන්නේ නෑ – මහජන එක්සත් පෙරමුණ
Next articleමහජන සේවා සැපයීමට තිබූ මිලියන ගණනක මුදල් ලාභ හොයන්න ස්ථාවර තැන්පත් වලට දාලා – විගණනයෙන් සියල්ල හෙළි වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here