විදුලි බිල 20% කින් අඩු කළ යුතු බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කළ නිර්දේශය බලශක්ති අමාත්‍යාංශය විසින් පිළිගෙන ඇත.
ඒ අනුව ඊයේ (17) දින මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිල 20% කින් අඩු වන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විදුලි බිල 20% අඩුවීම හෝටල් ක්ෂේත්රයට මෙන්ම කර්මාන්ත කරුවන් ඇතුළු රටේ අනෙකුත් අංශවලට විශාල ප්‍රතිලාභයක් අත්කර දෙනු ඇති බව තම විශ්වාසය යැයි අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ රජය ගෙන යනු ලබන වැඩපිළිවෙළ හමුවේ, මෙවැනි සහනයක් ජනතාවට ලබාදීමට හැකිවීම ගැන සතුටු වන බව අමාත්‍යා කුමාර ජයකොඩි මහතා නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.