Home අද බංකොලොත් වෙලා තිබ්බ රටේ සංචිත ඉතාම කෙටි කලකින් ඩොලර් බිලියන 6ක් දක්වා...

බංකොලොත් වෙලා තිබ්බ රටේ සංචිත ඉතාම කෙටි කලකින් ඩොලර් බිලියන 6ක් දක්වා අපි වැඩි කළා – විද්‍යාරත්න

267
0

ඉතා කෙටි කාලයක් තුළ හිතුවාටත් වඩා වේගයෙන් රටේ ආර්ථිකය නැගිට්ට බව මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් පැවසූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.

බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මේ අදහස් දැක්වූ අමාත්‍යවරයා රට තුළද යම් යම් දේවල මිල අඩුවී ඇති බවත් යම් යම් ක්ෂේත්‍රවල සහනයක් ලැබී ඇති බවත් සඳහන් කළා.

ඩොලර් බින්දුවක්වත් නැතිව රට බංකොළොත් වූ රටක් ඩොලර් බිලියන 6 දක්වා තම ආණ්ඩුව යටතේ පැමිණිමට හැකියාව ලැබුණු බවද ඒ මහතා පවසයි.

වත්මන් ආණ්ඩු රට භාරගනිද්දී තිබුණේ ණය ශ්‍රේණිගත කිරීම්වල ඍණ අගයක බවත් දැන් එය එතනින් ඉහළට ඔසවා ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

අද වන විට කොටස් කොළඹ කොටස් වෙළඳපොලද වේගයෙන් ඉහල යමින් ඇති බවද ඇමැතිවරයා කියා සිටී.

ඉදිරි අයවැයෙන්ද ජනතාවට සහන ලැබෙනු ඇති බවත් ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

Previous articleරජයේ සැප වාහන වෙන්දේසි කෙරේ – මුදල් අමාත්‍යාංශ ලේඛම්ගෙන් චක්‍රලේඛයක්
Next articleජනාධිපති අරමුදල ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here