කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) නව ප්රධාන විධායක නිලධාරී ලෙස වින්ධ්යා ජයසේකර පත් කර තිබේ.
ප්රාග්ධන වෙළෙඳපොළ තුළ දශක දෙකකට අධික දීර්ඝ පළපුරුද්දක් ඇති වින්ධ්යා ජයසේකර , ආයෝජන බැංකුකරණය හා වත්කම් කළමනාකරණය පිළිබඳව ප්රවීණයෙකු ලෙස සැලකෙයි.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කර සිටියේ , කොළඹ කොටස් වෙළෙඳපොළ ප්රධාන විධායක නිලධාරීවරයා වූ රජීව බණ්ඩාරනායක, වසර 11 ක සේවා කාලයකින් අනතුරුව ඒම තනතුරෙන් විශ්රාම යාමත් සමඟම ඒ සඳහා 2025 ජනවාරි 01 වනදා සිට වින්ධ්යා ජයසේකර පත්කළ බවයි.