ජනාධිපති අනුර දිසානායක ගේ ඉන්දීය සංචාරය අතරතුර දෙරටේ නායකයන් පවත්වන ලද ඒකාබද්ධය මාධ්‍ය හමුවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ ඒකාබද්ධ ප්රකාශනයේ සඳහන්ව නැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.
ඇමතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (20) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවලදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයක් සඳහා පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකාවේ රජය දෙමළ ජනතා අපගේ බලාපොරොත්තු ඉටු කරනු ඇති බවටත් ඒ අනුව ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමත්, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කැපවීම ඉටුකරනු ඇති බවටත් විශ්වාස කරන බවට නරේන්ද්‍ර මෝදි අගමැතිවයරයා විසින් කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන අදාළ ප්රශ්නය නැගිණ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට එරට ජනතාව වෙනුවෙන් එවන් ප්‍රකාශයක් කිරීමේ අයිතිය ඇති බව පිළිගන්නා නමුත් දෙරට විසින් අත්සන් තබන ලද ඒකාබද්ධ ප්රකාශනයේ එවන්නක් නැති බවද ඇමතිවරයා කියා සිටියේය.