Home Uncategorized රන්ජන් ලංකා සමාගම Zero Technologies සමග එක් වී Zero වායුසමීකරණ යන්ත්‍ර...

රන්ජන් ලංකා සමාගම Zero Technologies සමග එක් වී Zero වායුසමීකරණ යන්ත්‍ර ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

71
0

දශක පහකට වැඩි කාලයක් මෙරට සුපිරි වෙළෙඳසැල් ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනූ රන්ජන් ලංකා සමාගම ‘Zero’ වායුසමීකරණ යන්ත්‍ර වෙළෙඳපොළට හඳුන්වා දෙමින් වායුසමීකරණ වෙළෙඳපොළට පිවිසෙයි.

චීනයේ Zero Technologies සමාගමෙන් ආනයනය කරන මෙම වායුසමීකරණ යන්ත්‍ර කාර්යාල, නිවාස සහ මහල් නිවාස ආදියට වඩාත් සුදුසුය. BTU 9,000 – 12,000 අතර ඉන්වර්ටර් නොවන සහ 12,000 – 18,000 අතර ඉන්වර්ටර් යන ඛාණ්ඩ දෙකට අයත් වායුසමීකරණ යන්ත්‍ර මෙලෙස වෙළෙඳපොළට හඳුන්වා දෙයි. Zero වායුසමීකරණ මෙරට සාමාන්‍ය වෙළෙඳපොළට හඳුන්වා දෙන පළමු අවස්ථාව මෙය වේ.

No description available.

රන්ජන් ලංකා සමාගමේ ගම්පහ ගබඩාවේ සිට වායුසමීකරණ යන්ත්‍ර දිවයින පුරා බෙදා හැරීමට සැළසුම් කර ඇත. අලෙවි නියෝජිතයන්ට එම සමාගම සමග සම්බන්ධ වී Zero වායුසමීකරණ යන්ත්‍ර අලෙවි කිරීමට හැකිය. දීර්ඝ කල් පැවැත්මක් සහිත Zero වායුසමීකරණ විදුලිය ඉතිරි කරයි.

No description available.

එම යන්ත්‍රවලට යොදා ගන්නා තඹ නළ අනෙකුත් වායුසමීකරණ යන්ත්‍රවලට යොදා ගන්නා ඒවාට වඩා ඝනකම බැවින් මළකඩ බැඳීමට ඇති ඉඩ අවම කර කල් පැවැත්ම ඉහළ නංවයි. සියලුම වායුසමීකරණ යන්ත්‍රවල කොම්ප්‍රෙසරය ක්‍රියාත්මක වීමට වැය වන්නේ අඩු විදුලි ඒකක ප්‍රමාණයකි. සම්පූර්ණ යන්ත්‍රයට වසරකත්, කොම්ප්‍රෙසරයට වසර පහකත් වගකීමක් ලැබේ. Zero වායුසමීකරණ යන්ත්‍රවල අමතර කොටස් අඩුවකින් තොරව සැපයීමට රන්ජන් ලංකා සමාගම කටයුතු කරයි.

මිල දී ගෙන පළමු වසර ඇතුළත සේවා තුනක් නොමිලයේ සිදු කරයි. Zero වායුසමීකරණ යන්ත්‍රවල මිල ගණන් අනෙකුත් වර්ගවලට සාපේක්ෂව තරගකාරී මට්ටමක පවතී. අංක 04, තානායම පාර, ගම්පහ ලිපිනයේ පිහිටි රන්ජන් ලංකා සමාගම වසර 30කට වැඩි කාලයක් සුපිරි වෙළෙඳසැළක් ලෙස ජනතා විශ්වාසය ඉහළින්ම දිනා ඇත. ඩී. එස්. සේනානායක වීදිය, අම්පාර ලිපිනයේ පිහිටි මීට වසර 50කට පෙර ඇරැඹූ රන්ජන් ලංකා වෙළෙඳ සංකීර්ණය ඔවුන්ගේ පළමු ශාඛාව වේ.

Previous articleනාමයෝජනා භාරදෙන දිනයේ හිටපු ජනපතිට සුභ පතන්න ගිය ඩිපෝ කළමණාකරු ඇතුළු හයකගේ වැඩ තහනම්
Next articleමෙරටට ආනයන කරන වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි නොකොළොත් වෙන දේ මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here