Home අද පෝලිම් යුගයක පෙරනිමිති : සහල් ආනයනකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක් !

පෝලිම් යුගයක පෙරනිමිති : සහල් ආනයනකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක් !

259
0

ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 65ක බද්ද හේතුවෙන් රජය නියම කර ඇති පාලන මිලට එම සහල් අලෙවි කිරීමට කිරීමේදී කිලෝවකින් රුපියල් පහළොවක පමණ පාඩුවක් සිදුවන බවද ආනයනකරුවන් පෙන්වා දෙයි .

ඔවුන් අනතුරු අඟවමින් අවධාරණය කර සිටින්නේ අවම වශයෙන් සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් නොකළහොත් සහල් ආනයනය නතර කිරීමට සිදුවන බවයි.

එබැවින් ආනයනික සහල් සඳහා උපරිමික සිල්ලර මිල ඉවත් කරන ලෙස හෝ ආනයන බද්ධ රුපියල් පනහ දක්වා අඩු කිරීමක් අත්‍යවශ්‍ය බවද ආනයනකරුවන් සඳහන් කරයි.

මතුව ඇති තත්ත්වය හමුවේ ඇතැම් ආනයනකරුවන් ආනයනික සහල් තොග මෙතෙක් වෙළඳපොළට නිකුත් නොකර තිබෙන බවද ඔවුන් පවසයි .

මේ වන විටත් සහල් නිකුත්කරනු ලබන්නේ වරකට උපරිම කිලෝග්‍රෑම් 3ක් ලෙසිනි. සහල් ආනයනකරුවන් සඳහන් කරන ආකාරයට ඔවුන් යම් ආකාරයකට ආනයනය අත්හිටුවීමට කටයුතු කළහොත් රටේ යළිත් සහල් පෝලිම් ඇතිවීමේ අවධානමක් ඇති බව වෙළෙඳ පොළ විශ්ලේෂක මතය වී තිබේ.

Previous articleඅපේක්ෂකයින් 1040 ට නඩු !
Next articleISB ලේඛන සභාගත නොකර වැ.බ. මුදල් ඇමති මාරුවෙලා ! ඇයි ඒ ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here