සහල් ආනයනය කිරීමට රජය තීරණය කිරීමත් සමඟ හල් මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් තිගැස්මකට ලක්ව ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න පවසයි.
ආනයනික සහල් වෙළඳපොළට නිකුත් වීමත් සමග දැනට වෙළඳපොළේ ඇති සහල් විකෘති මිල පහල බැසීම ආරම්භ වනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
ආනයනික සහල් තොග ලබන 20 වැනි දාට පෙර මෙරටට ලැබීමට නියමිත බවත් උත්සව සමයේ සහල් හිඟයක් ඇති වීමට ඉඩ නොදෙන බවද ඔහු සඳහන් කර සිටියි.
කෙසේ වුවත් පසුගියදා විද්‍යුත් නාලිකාවක පැවති සංවාදයක් සඳහා එක්වූ ගොවි සංගම් නායකයකු පවසා සිටියේ මහා පරිමාණ මෝල් හිමියන්ද සහල් ආනයනය කිරීමට බලපත් ලබා ඇති බවයි.
ඒ අනුව ඔවුන්ද සහල් ආනයනය කිරීමට මැදිහත් වන බවත් ඒ හමුවේ ඔවුන්ට කිසිදු බලපෑමක් සිදුනොවන අතර ඔවුන් ආනයනික සහල් හරහා ද ලාභ ලබන බව ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර පාරිභෝගික ජනතාව පවසන්නේ ආණ්ඩුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් දියත්කර ඇති වෙළෙඳ පොළ මාෆියාව සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පෙනෙන්නට නොමැති බවයි. අනෙක් සෑම ආණ්ඩුවක්ම කටයුතු කළ ආකාරයට හැසිරෙන අතර එය කිසිසේත් අපේක්ෂා නොකළ තත්ත්වයක් බවද ඔවුන් පෙන්වා දෙයි .