ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානයක් යටතේ පුටුව ලකුණින් තරග කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
උතුරු නැගෙනහිර ඇතුළු රටේ පළාත් පාලන ආයතන සියල්ලට තරඟ කිරීමට මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාා පැවසීය.
මැතිවරණයට සාර්ථකව මුහුණ දීම සඳහා මේ වන විට මැතිවරණ මෙහෙයුම් කමිටුවක් සහ ප්රතිසංවිධාන කමිටුවක් පත් කරනු ලැබ ඇති බවද ඒ මහතා අනාවරණය කළේය.
පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සඳහා දේශපාලන පක්ෂ රැසක් සමග මේ වන විට සාකච්ඡා කර තිබෙන බව අවධාරණය කළ ලසන්ත අලගියවන්න මහතා තවත් පක්ෂ හා සංවිධානය කිහිපයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත් වීමට මේ වන විටත් එකඟත්වය පළ කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.