Home අද රත්වත්තේ යුවළට ඇප

රත්වත්තේ යුවළට ඇප

35
0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ අද (05) ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් විසින් නියම කරන ලදි. ඒ ඔවුන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී දෙදෙනාටම රුපියල් 25,000ක මුදල් ඇපය බැගින් සහ එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 2ක් බැගින් නියම කර තිබෙන අතර ලොහාන් රත්වත්තේ මහතාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී පසුගියදා සොයාගත් අතර මිරිහාන පොලීසිය අදාළ රථය සම්බන්ධයේන සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ එය නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් බවයි.

එම මෝටර් රථය භාවිත කිරීමේ චෝදනාවට පසුගිය ඔක්තෝබර් 30 වනදා ලොහාන් රත්වත්තේ මහතාව කටුගස්තොටදී, මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.

අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් රත්වත්තේ මහතාගේ බිරිඳ දැනුවත් භාවයකින් පසු වී ඇතැයි විමර්ශනවල ප්‍රගතිය ගැන කරුණු දක්වමින් මිරිහාන පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසු කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර රත්වත්තේ මහත්මියව ද අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ අතර නොවැම්බර් 4 වනදා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර, එහි දී ඇය ද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදි.

Previous articleණය සීමාව බිලියන 4000ක් කරමින් අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට
Next article“සීයා වෙනස් වෙලා නෑ” – රනිල් මාස 4කට වෙන්කරගත් මුදලම ජනාධිපති අනුරටත් වෙන්කරලා – කබීර්ගෙන් චෝදනාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here