Home අද මහවිරු සැමරුම පෝස්ට් ශෙයා කළ තරුණයා 17 දක්වා රිමාන්ඩ්

මහවිරු සැමරුම පෝස්ට් ශෙයා කළ තරුණයා 17 දක්වා රිමාන්ඩ්

60
0

LTTE මහවිරු දින සැමරුම සම්බන්ධව සමාජ මාධ්‍යය තුළ පෝස්ටුවක් බෙදාහැරීම සම්බන්ධයෙන් මාතර පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බද්දේගම ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බද්දේගම දිසා/ මහේස්ත්‍රාත් විනිසුරු සනත් නානායක්කාර 03 දා නියෝග කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ බද්දේගම – කිරිබතාවිල පදිංචි එදිරිසූරිය මද්දුමගේ ජනිත චතුරංග නමැති 28 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයාව අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ දී ඔහුගේ ඥාතීන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව නිහඬ විරෝධතාවක නිරතව ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදුකළ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැළුම් හර්ෂණ නැමැත්තාට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා ඇප ලබාදී තිබිණ.

නමුත් ඒ ආකාරයටම පරිගණක අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබු ප්‍රකට දේශපාලන ක්‍රියාකාරිකයකු වන කැළුම් ජයසුමන එළැඹෙන 4වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කිරීමට කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණ.

Previous articleවගා හානිය සහල් ආනයනය කිරීමට තරම් බරපතළ නෑ
Next articleරට හොල්ලපු අත්අඩංගුවට ගැනීම් ගැන අද පොලිස් ඇමැති කට අරියි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here