Home අද හෙට පාර්ලිමේන්තුව රෑත් වැඩ

හෙට පාර්ලිමේන්තුව රෑත් වැඩ

19
0

පසුගියදා ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට මුහුණ පෑ ආපදා තත්වය පිළිබඳව පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදය හෙට 04 සවස ආරම්භ කිරීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කෙරිණි.

ඒ අනුව කල්තැබීමේ විවාදය සවස 5.30 සිට රාත්‍රි 9.30 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

රටේ උද්ගතව ඇති ආපදා තත්ත්වය පිළිබඳව විවාදයක් පැවැත්විය යුතු බව අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී
විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනා කළ අතර ඒ අනුව ඒ පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයක් ගත යුතු බව එහිදී ප්‍රකාශ කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ විවාදය අද සහ හෙට පැවැත්වෙන බැවින් හෙට සවස 5.30 සිට ආපදා තත්ත්වය පිළිබඳව විවාදය පැවැත්වීමට සුදුසු බව ඒ පිළිබඳව සාකච්ඡා කළ පක්ෂ නායකයෝ වැඩිදුරටත් තීරණය කළහ.

Previous articleදේශීය නිෂ්පාදකයන්ගෙන් ඖෂධ ගන්න අමාත්‍ය මණ්ඩල තීන්දුවක් !
Next articleනඩත්තුවට වැඩි වියදම් යන වාහන රජයේ ආයතන වලින් ඉවතට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here