Home අද පාලන බලපත්‍ර නැතුවම සහල් ආනයනයට අවස්ථාව !

පාලන බලපත්‍ර නැතුවම සහල් ආනයනයට අවස්ථාව !

179
0

පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරිමට අවසර දීමට රජය තීරණය කර ඇතිබව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා අද (03) මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළ අතර ඒ අනුව ආනයන පාලන බලපත්‍රයක් නොමැතිව සහල් තොග ආනයනය සඳහා අවස්ථාව ලබාදී ඇත.

එසේම ඕනෑම සහල් වර්ගයක් ආනයනය කිරිමට ද හැකි අතර දෙසැම්බර් 20 දක්වා මෙම අවස්ථාව විවෘතව ඇති බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේය.

කෙසේ වුවත් මීට පෙර මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපති අනුර දිසානායක අවධාරණය කර සිටියේ හාල් ඇටයක් ආනයනය කිරීමට අවසර නොදෙන බවය. නමුත් නව ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල හමුවේදීම එම තීන්දුව හකුළා ගන්නට ජනාධිපතිවරයා ට සිදුවිය.

අනෙක් අතට රටට ප්‍රමාණවත් වී සහ සහල් තොග ඇති නමුත් ඒවා මහා පරිමාණ සහල් මෝල් හිමියන් ගබඩා කරගෙන ඔවුන්ට අවශ්‍ය ආකාරයට වෙළෙද පොළ හසුරවන බවද ප්‍රසිද්ධ රහසකි. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් ගැනීමට ආණ්ඩුව කටයුතු කර නොමැති අතර ඒ වෙනුවට පාලන බලපත්‍රය ද නොමැතිව සහල් ආනයනයට අවස්ථාව ලබාදී තිබේ

Previous articleනඩත්තුවට වැඩි වියදම් යන වාහන රජයේ ආයතන වලින් ඉවතට
Next articleතෙල් මිල අඩු කරන්න ආණ්ඩුවට බැරි නම් බෑ කියන්න – චම්පික

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here