Home අද සහල් පොල් නැතියි කීම විපක්ෂයේ ප්‍රයෝගයක් – ඇමතිනී සරෝජා :...

සහල් පොල් නැතියි කීම විපක්ෂයේ ප්‍රයෝගයක් – ඇමතිනී සරෝජා : එහෙනම් සහල් ආනයනය කරන්නේ ඇයි ?

176
0

සහල්, පොල් නැතැයි කියමින් විපක්ෂයෙන් චෝදනා එල්ල කරන්නේ ඉදිරි මැතිවරණයට පෙර ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමේ දේශපාලන උපක්‍රමයක් වශයෙන් බවත් ජනතාව ඒවාට හසුනොවිය යුතු බවත් ඇමතිනී සරෝජා පෝල්රාජ් පවසයි.

එසේම මහ මැතිවරණයෙන් පසු ජවයෙන් යුතුව වැඩ කිරීමට තිබූ අවස්ථාව වර්ෂාව හා ගංවතුර නිසා බාධාවූ බවද ඇය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ මාතර පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ සුඛෝභෝගි වාහන පැදීමට හෝ ඒවායේ දොරවල් ඇරීමට සේවකයන් තබා ගැනීමට විශේෂ ආශාවක් වත්මන් ආණ්ඩුවවේ මැතිඇමතිවරුන්ට නොමැති බවයි.

එසේම වාහනයක් අවශ්‍ය වන්නේ තම කාර්ය වඩාත් කාර්යක්ෂම සිදුකිරීම සඳහා පමණක් යැයි සඳහන් කළ අමාත්‍යවරිය නව රජය යටතේ කිසිවෙකුට වාහන බලපත්‍රයක් ලබා නොදෙන බවත් අදාළ රාජකාරියට පමණක් වාහනයක් ලබා දෙන අතර වසර පහ අවසානයේ වාහන ආපසු භාරද යුතු බවත් පැවසුවාය .

කෙසේ වුවත් රටට ප්‍රමාණවත් සහල් වී තොග රට තුළ පවතින නමුත් වෙළෙද පොළ තුළ සහල් හිඟයක් ඇති බැවින් නාඩු සහල් මෙට්‍රික් ටොන් 70000ක් ආනයනය කරන්න ආණ්ඩුව මේ වන විටත් කටයුතු කර තිබේ.

එසේම වී සහ සහල් තොග මහා පරිමාණ මෝල් හිමියන් සඟවාගෙන ඇති බව පවසමින් ඒවා අත්පත් කරගන්නා ලෙස පීඩනයක් ආණ්ඩුවට එල්ලවී ඇති බව වෙළෙද අමාත්‍ය වසන්ත සමරසිංහ ද පසුගියදා පැවසූ අතර එබැවින් තත්ත්වය තේරුම් ගෙන මෝල් හිමියන් අදාල තොග වෙළෙද පොළ වෙත මුදාහරින ලෙසද ඉල්ලා සිටියේය.

මේ අනුව සහල් හිඟය සම්බන්ධව ආණ්ඩුව සිදුකරන ප්‍රකාශ වල පැහැදිළි පරස්පරතාවක් පෙන්නුම් කරයි.

Previous articleපෙබරවාරි සිටි වාහන ආනයනය පෙර පරිදි
Next articleවිදුලි ගාස්තු සංශෝධනයත් කයියක් විතරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here