Home අද අක්කරයට 40,000ක් මදි – වන්දි මුදලට ගොවීන්ගේ දැඩි විරෝධය

අක්කරයට 40,000ක් මදි – වන්දි මුදලට ගොවීන්ගේ දැඩි විරෝධය

80
0

අයහපත් කාලගුණික තත්ත්වය නිසා විනාශයට පත් ප්‍රධාන වගාවන් හයක් සඳහා අක්කරයකට රුපියල් 40.000 බැගින් වන්දි මුදලක් ලබාදීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ගොවි ජනතාව දැඩි විරෝධය පළ කර සිටින බවත් එම වන්දි මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ගොවි සංවිධාන නායකයෝ කිහිපදෙනෙක් පැවසූහ.

ගොවීන්ට නැවත තම වගා කටයුතු සිදු කර ගත හැකිවන පරිදි ඔවුන්ට සාධාරණ වන්දි මුදලක් ලබා දෙන ලෙස ගොවි සංවිධාන රජයෙන් ඉල්ලා සිටිති.

ගොවි ජනතාවගේ සියලු වගාවන් විනාශ වී ඇති අවස්ථාවක රජය වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්ථාපල්, සෝයා සහ මිරිස් යන භෝග කිහිපයකට පමණක් වන්දි ලබාදීම සාධාරණ නොවන බව පෙන්වා දෙන ගොවි සංවිධාන වහාම සෙසු භෝගවලටද වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙවර වගා බිම් අක්කර ලක්ෂ හතරක් පමණ විනාශ වී තිබෙන බවත් ඇතැම් ගොවීන් වගා කටයුතු සිදු කර ඇත්තේ නිවසේ තිබූ භාණ්ඩ උකසට තබා හෝ ණයට මුදල් ලබාගෙන බව ගොවි සංවිධාන නායකයෝ පෙන්වා දෙති.

මෙවන් පසුබිමක අසරණ වී සිටින ගොවීන්ට තම වගා කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා සියලු භෝග සඳහා සාධාරණ වන්දි මුදලක් ඔවුන්ට ලබා දීමට රජය නොපමාව කටයුතු කළ යුතු බව පවසන එම ගොවි සංවිධාන තවදුරටත් එසේ නොකරන්නේ නම් ගොවි ජනතාව සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට සිදුවන බව ගොවි සංවිධාන නායකයෝ කිහිප දෙනෙක් පැවසූහ.

Previous articleIMF වැඩපිළිවෙළම ඉදිරියට ගෙනයාම : රනිල්ගෙන් අනුරට ප්‍රශංසා !
Next articleනීති විරෝධී ලෙස කෑලි එකලස් කරන ලද සුඛෝපභෝගී තවත් ජීප් රථයක් සොයාගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here