Home අද මන්ත්‍රී වරප්‍රසාද කප්පාදුව ගැන මාලිමාව මත දෙකක?

මන්ත්‍රී වරප්‍රසාද කප්පාදුව ගැන මාලිමාව මත දෙකක?

72
0

ජාතික ජන බලවේගය පසුගිය මැතිවරණ වලදී ප්‍රකාශ කළ පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහන් ලබා දෙන වරප්‍රසාද කපා හැරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ මේ වන විට මත දෙකක් නිර්මාණය වී ඇත.

ඊට හේතු වී ඇත්තේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන සියලු වරප්‍රසාද කපා නොහරින ලෙස මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලා සිටීම නිසා බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මන්ත්‍රී වරප්‍රසාද කපා හැරීමේ දී මන්ත්‍රීවරුන් මුහුණපා සිටින දුෂ්කරතා සම්බන්ධව සොයා බැලීමක් සිදු කළ යුතු බවත් ඒ සඳහා ඔවුන්ගේ පෞද්ගලික මතය විමසා බැලිය යුතු බවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී හමුවකදී ප්‍රකාශ කර ඇති බව ඉහත ආරංචි මාර්ග පැවසීය.

මන්ත්‍රීවරු මුහුණපා සිටින දුෂ්කරතාවයන් සැලකිල්ලට ගෙන අනවශ්‍ය වරප්‍රසාද කපා හැරිය යුතු අතර මහජනතාව සඳහා සේවය කිරීමට අවශ්‍ය වරප්‍රසාද ඔවුන්ට ලබා දිය යුතු බවත් එම මන්ත්‍රීවරුන්ගේ යෝජනාව වී තිබේ.

බස්නාහිර පළාතෙන් පිට අනෙකුත් පළාත් නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට කොළඹ නිවසක් නැතිනම් ඔවුන්ට නිවසක් ලබාදීම ඇතුළු අනෙකුත් වරප්‍රසාද ලබාදිය යුතු බව ඔවුන් පෙන්වා දී ඇත.

මෙවර පාර්ලිමේන්තුවේ සිටිනය මන්ත්‍රීවරු වැඩි පිරිසක් මුහුණ පා සිටින දුෂ්කරතා කෙරෙහි අවධානය යොමු නොකර වරප්‍රසාද සියල්ල කපා හැරීමෙන් ගැටලු රැසක් මතුවිය හැකි බව එම මන්ත්‍රීවරු පෙන්වා දෙති.

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කපා හැරීම සම්බන්ධව අප කළ විමසමකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේ ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් කියා සිටියේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කර තිබෙන බවත් ඒ අනුව මේ සම්බන්ධව ඉදිරි පියවර ගනු ඇති බවය

Previous articleමාවනැල්ල රෝහලේ සෝඩියම් බයි කාබනේට් එන්නත නොමැතිවීමෙන් රෝගියෙක් මරුට
Next articleමන්ත්‍රී වරප්‍රසාද නිවාස ගන්න : මාලිමාවේ දිග පෝලිමක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here