Home අද මන්ත්‍රී වරප්‍රසාද නිවාස ගන්න : මාලිමාවේ දිග පෝලිමක් !

මන්ත්‍රී වරප්‍රසාද නිවාස ගන්න : මාලිමාවේ දිග පෝලිමක් !

61
0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙහි නිවාස ලබා ගැනීමට ඊයේ (28) සවස වන විට නවක මන්ත්‍රීවරුන් 94ක් අයදුම්පත් යොමු කර ඇති බවත් එයින් බහුතරය ජාතික ජනබලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන බවත් පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.

කෙසේ වුවත් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස තිබෙන්නේ 120ක් වන අතර ඉන් මහජන නියෝජිතයන් වෙත ලබා දෙන්නේ 112ක් පමණක් බව සඳහන් කරන එම ආරංචිමාර්ග අනෙක් නිවාස එම නිවාස සංකීර්ණයේ සේවා සපයන අංශවල සේවකයන්ගේ පරිහරණය වෙනුවෙන් අතීතයේ සිටම වෙන් කර ඇති බවද පෙන්වාදෙයි.

ඒ අනුව මන්ත්‍රීවරුන් සඳහා වන නිවාස දෙසැම්බර් 03 වනදා වන විට ලබාදීමට සැලසුම් කර ඇති බවත්, ඒ වෙනුවෙන් වන අත්‍යවශ්‍ය පිළිසකර කිරීම් සිදුකෙරෙමින් ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

පාර්ලිමේන්තු ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වාදෙන ආකාරයට මේ වන විටත් මන්ත්‍රීවරුන් පිරිසක් අදාල නිවාස වල වෙසෙන අතර ඔවුන්ද අලුතින් නිවාස සඳහා අයදුම් කළ යුතුව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිවාස ලබාදීම සිදුවන්නේ කොළඹ සිට කිලෝමීටර හතළිහක් ඇතුළත අදාළ මන්ත්‍රීවරුන්ට හෝ බිරින්දෑවරුන්ට නොමැති වීම, මන්ත්‍රීවරුන් හෝ බිරින්දෑවරුන් වෙනත් නිල නිවාස පරිහරණය නොකිරීම යන කරුණු පදනම් කරගනිමිනි. ඒ අනුව කිලෝමීටර 40ට වැඩි හා දුර බැහැර මන්ත්‍රීවරුන්ට මෙම නිල නිවාස ලබාගැනීම සඳහා අයදුම් කිරිමට අවස්ථාව තිබේ.

Previous articleමන්ත්‍රී වරප්‍රසාද කප්පාදුව ගැන මාලිමාව මත දෙකක?
Next articleසහල් ආනයනයට සැපයුම්කරුවන් තෝරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here