Home අද පනත සම්මතයි – 16 ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම්

පනත සම්මතයි – 16 ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම්

88
0

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුව විසින් එරට 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරමින් නව නීතියක් සම්මත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය මාස ගණනක පැවති මහජන විවාදයකින් පසු සතියක් ඇතුළත පනත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඊයේ (29) සෙනෙට් සභාව විසින් මෙම තහනම අනුමත කර ඇති බව සඳහන් වේ. මෙම අනුමත කිරීමත් සමග මෙවැනි නීතියක් සම්මත කළ ලොව පළමු රට බවට ඔස්ට්‍රේලියාව පත්ව තිබේ.

පනත සම්මත කළද මෙම නීතිය ක්‍රියාවට නැංවීමට වසරක පමණ කාලයක් ගතවනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරන අතර එම පනතට අනුව වයස අවුරුදු 16ට අඩු ළමයින් සදහා පනවා ඇති නීති කඩ කරන්නන්ට එරෙහිව ඩොලර් මිලියන 50 දක්වා වූ දඩ මුදලක් යෝජනා කර ඇති බවද සඳහන් වේ.

Previous articleසුදුවෑන් චෝදනාවෙන් රාජිත නිදහස් !
Next articleවන්දි ගෙවීමට හැකියාව ඇත්තේ ප්‍රධාන භෝග හයකට පමණයි – කෘෂිකර්ම අමාත්‍යංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here