Home අද හොර ඔප්පු චෝදනාවට : ඇමති වසන්ත පොලිසිය මඟහැරලා !

හොර ඔප්පු චෝදනාවට : ඇමති වසන්ත පොලිසිය මඟහැරලා !

724
0

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සම්බන්ධ චෝදනාවක් විමර්ශනය කිරිම සඳහා දුරකථන ඇමතුම් ලබා දී සහ ලිපි කිහිපයක් යොමු කළද මෙතෙක් ප්‍රකාශ ලබා දීමට ඔහු නොපැමිණි බව පොලිසිය විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

පසුගිය සිකුරාදා පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම දැනුම්දීම සිදුකර ඇත.

වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මේ ආකාරයට පොලිසිය විසින් කැඳවා තිබෙන්නේ ජාතික කම්කරු ආයතනයේ වෘත්තීය සමිතියට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් සහිත දෙහිවල දේපලක් බදු දීමට වසන්ත සමරසිංහ ව්‍යාජ ඔප්පුවක් භාවිත කර ඇති බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙනි.

මෙකී පැමිණිල්ලට අදාළව වංචා විමර්ශන කාර්යාංශය පසුගිය ආණ්ඩුව සමයේ විමර්ශන ආරම්භ කර තිබිණ.

වත්මන් ආණ්ඩුවේ කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා වන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහ ලංකා විදුලිබල මණ්ඩල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් යන දෙදෙනා වෙතද තමන් ඇමතුම් ලබාදී ලිපි යවා ප්‍රකාශ ලබා දීම සඳහා පැමිණෙන ලෙස දන්වා යවා ඇති බව ද පොලිසිය විසින් අධිකරණය දැනුවත් කර තිබේ.

10වන පාර්ලිමේන්තුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර දිසානායක පවසා සිටියේ, පසුගිය පාලනයන්ගේ මෙන් කිසිවකුටත් නීතියට ඉහලින් යාමට නොදෙන බවයි.

Previous articleසෞඛ්‍ය ලේකම්ට පල නොකියා පලා බෙදලා : පාලිත ඉල්ලා අස්වෙලා !
Next articleජනාධිපති අනුර දිසානායක විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here