Home අද මාලිමාවේ විදුලි බල ලොක්කන් මහජන ධනයට විදුලි සැර වද්දයි : සහගහන...

මාලිමාවේ විදුලි බල ලොක්කන් මහජන ධනයට විදුලි සැර වද්දයි : සහගහන අනාවරණයක් !

201
0

වත්මන් ආණ්ඩුව යටතේ විදුලි බල මණ්ඩලය වෘත්තිය සමිති ග්‍රහණයට හා නිලධාරිවාදයට නතුව ඇති බවත් ඒ වෙනුවෙන් වන වන්දිය ගෙවීමට සිදුව තිබෙන්නේ විදුලි පාරිභෝගිකයන් වන ජනතාවට බවත් විදුලි බල සහ බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර චෝදනා කරයි.

ජවිපෙ මාලිමාවේ වෘත්තිය සමිති ප්‍රබලයන් විශ්‍රාම ගැනීමට කෙටි කාලයක් තිබියදී උසස්වීම් ලබා වැඩි විශ්‍රාම වැටුපක් ලැබීමට කටයුතු කරන බව
පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා, කාලයක් තිස්සේ පැවති එම අකටයුත්ත, ජනතා ධනය කාබාසිනියා කිරීමක් බැවින් පසුගිය ආණ්ඩු සමයේ වැළැක්වීමට තමන් පියවර ගෙන තිබූ බවද සඳහන් කළේය .

විදුලි බල සහ බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර සිටියේ කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ජවිපෙ මාලිමාව ආණ්ඩුව පත්වූ විගස විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ලෙස ඔක්තෝබර් මාසයේ පත්කළ නිලධාරියා තවත් දින කිහිපයකින් විශ්‍රාම ගැනීමට නියමිත බවද එහිදී ඒ මහතා අනාවරණය කළේය .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කංචන විජේසේකර හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය .

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ විදුලි බල මණ්ඩලය වෘත්තිය සමිති සහ නිලධාරින් ගේ ග්‍රහණයට නතුවෙලා. විදුලි බල මණ්ඩලයේ අලුත් සභාපති තිලක් සියඹලාපිටිය , උප සභාපති පුබුදු නිරෝෂන් ඇතුළු නව අඅධ්‍යක්ෂ මණ්ඩලයේ මුල්ම තීන්දුව තමයි , විශ්‍රාම ගැනීමට නියමිත නිලධාරින් වෙත දින කිහිපයකට උසස්වීම් ලබන්න අවස්ථාව සැලසීම. මේක කාලයක් තිස්සේ කරගෙන ආපු අකටයුත්තක්. පසුගිය ආණ්ඩුව සමයේ අපි එය වලක්වා තිබුණා.

ඒ කාලය වන විට විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති කීයක් තිබුණත් සාමාන්‍යාධිකාරී පත්කිරීමේ සිට උසස්වීම් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ විදුලි ඉංජිනේරුවන්ගෙ සංගමය. එහිදී ඔවුන්, තමන්ට පක්ෂපාතී නිලධාරින් විශ්‍රාම යන්න දින කිහිපයක් ඇති විට උසස්වීම් දෙන්න නිර්දේශ කරනවා. විශ්‍රාම වැටුප හිමිවෙන්නේ විශ්‍රාම ගැනීම සිදුකරන අවස්ථාවේ දරන තනතුර මතයි. නමුත් විශ්‍රාම ගැනීමට දින කිහිපයක් ඇති නිලධාරින් පවා ඔවුන් උසස්වීම් දෙන්න නිර්දේශ කරනවා.

ඒ මිල ගෙවන්නේ මේ රටේ ජාතික ධනයෙන්. ජනතාව ගෙවන විදුලි බිලෙන් තමයි ඒ වියදම් දරන්නේ . ඒ නිසා අපි ඒ ක්‍රමය අත්හිටුවීමට කටයුතු කළා. ඒ කාලේ නිර්දේශයක් ආවා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරියක්, විශ්‍රාම ගැනීමට දවසක් තියෙන විට අතිරේක සාමාන්‍යාධිකාරී කරන්න කියලා . අපි එය කළේ නෑ . එයා දවසකින් කරන සේවය මොකක්ද ?

නමුත් මේ ආණ්ඩුව බලය ගත්ත ගමන් ඒ ප්‍රතිපත්තිය වෙනස් කළා. පසුගිය ඔක්තෝබර් මාසයේ පත්කළ සාමාන්‍යාධිකාරී නොවැම්බර් මාසයේ තවත් දින කිහිපයකින් ව්ශ්‍රාම යනවා. අපි එදා ගෙනා ක්‍රමවේදය අනුව විශ්‍රාම යන්න අවුරුදු දෙකකට පෙර උසස්වීම් ගන්න ඕන. අවසන් මොහොතේ උසස්වීම් නෑ. නමුත් දැන් තත්ත්වය වෙනස් කරගෙන . විදුලි බල මණ්ඩලයේ ඉහළ පාලනාධිකාරිය සඳහා ජවිපෙ මාලිමාවේ වෘත්තීය සමිති නායකයන් ඇවිත් . නමුත් මේ අවභාවිත වෙන්නෙත් ජනතා බදු මුදල් සහ විදුලි පාරිභෝගික ජනතාව ගෙවන මුදල් බව ජනතාව දැනුවත් වෙන්න අවශ්‍යයි .

Previous article‘ලෝකයේ වඩාත් කැමති ම දිවයින’ ලෙස ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
Next articleදැන් මොකටද වැඩ වර්ජන කරන්නේ? – නිපුණාරච්චි කියපු බය හිතෙන කතාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here