Home අද කබීර් හදිසියේම චීනයට

කබීර් හදිසියේම චීනයට

127
0

චීනයේ බෙයිජිං නුවරදී ඊයේ ආරම්භ වු අටවන ජාතික ඇගයීම් ධාරිතා සමුළුවේදී කෑගල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා දේශනයක් සිදු කිරීමට නියමිතය.

ඇගයීම් සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති මෙන්ම සමගි ජනබලවේගයේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාට අටවන ජාතික ඇගයීම් ධාරිතා සමුළුව 2024 ගෞරවනීය සාමාජිකයකු වන ලෙස ලද ආරාධනාවක් මත ඔහු එම සමුළුවට සහභාගීවේ. එම සමුළුව චීනයේ බෙයිජිං නුවර යැන්කින් දිස්ත්‍රික්කයේදී එළඹෙන 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ඒජන්සිය සහ ගෝලීය ඇගයීම් සංසදය සමග එක්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ස්වාධීන ඇගයීම් කාර්යාලය, ගෝලීය වේදිකාවක් වන අටවන ජාතික ඇගයීම් ධාරිතා සමුළුව සංවිධානය කරනු ලබයි.

ජාතික ඇගයීම් ධාරිතා සමුළුව එසේත් නැතිනම් නෙක් සමුළුව ජාත්‍යන්තර නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ඇගයීම් විශේෂඥයින් එකම වහළක් යටතට ගෙන එන අතර මෙම වසරේ සමුළුවේදී තිරසාර සංවර්ධන ඉලක්ක සහ අනෙකුත් ගෝලීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේදී ජාතික ඇගයීම් පද්ධතිවල තීරණාත්මක කාර්යභාරය පිළිබඳව අවධානය යොමුකරයි.

කබීර් හෂීම් මහතා අටවෙනි නෙක් සමුළුවට සහභාගී වීම ගෝලීය වේදිකාව මත, විශේෂයෙන්ම ඇගයීම් සහ පාලන ක්ෂේත්‍රය තුළ ඔහුගේ වැඩෙන බලපෑම මානව ඉස්මතු කර පෙන්වන්නකි.

ඇගයීම් සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපතිවරයා ලෙස හෂීම් මහතා කාර්යක්ෂම වගවීමේ යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයේ විනිවිදභාවය පිළිබඳ ශක්තිමත් යාන්ත්‍රණයක් වෙනුවෙන් පෙනී සිට ඇත. මෙවැනි ඉහළ පෙළේ සමුළුවක් සඳහා ලැබූ ආරාධනය තිරසාර සංවර්ධනය සහ සමාජ ඇතුළත් කිරීම් මෙහෙයවිය හැකි ශක්තිමත් ඇගයීම් පද්ධතියක් සඳහා ඔහුගේ කැපවීම අවධාරණය කරයි.

මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් සඳහා සහභාගී වීමට ආරාධනා ලැබීම තමන් ලද ගෞරවයක් බව සමුළුව පිළිබඳ අදහස් දක්වමින් හෂීම් මහතා පැවැසුවේය. විශේෂයෙන් අද වේගයෙන් පරිණාමය වෙමින් පවතින ලෝකය තුළ, සියල්ල ඇතුළත් සහ අනාගතය කේන්ද්‍ර කරගත් ඵලදායී රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේදී ප්‍රතිචාරාත්මක ඇගයීම ඉතා වැදගත් වන බවද ඔහු ප්‍රකාශ කළේය.

තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින මෙම අවස්ථාවේ ගෝලීය අත්දැකීම් වලින් යමක් ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන බවත් තමන් ලද දැනුම බෙදාහදා ගැනීමට බලපොරොත්තු වන බවත් කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේය.

නෙක් සම්මන්ත්‍රණය 2024 සඳහා ලොව පුරා සිටින ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ඇගයීම් ඒකක, අමාත්‍යාංශ, ජාතික සංඛ්‍යාලේඛන ආයතන සහ උත්තරීතර විගණන ආයතන සාමාජිකයන් ලෙස සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම සමුළුවට සහභාගී වීමට පැමිණෙන්නන් අතරට සිවිල් සමාජය, ශාස්ත්‍රීයයන් , පෞද්ගලික අංශය, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ අනෙකුත් ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ නියෝජිතයන් ද ඇතුළත් වේ.

ජාතික ඇගයීම් පද්ධති ශක්තිමත් කිරීමේ ප්‍රගතිය සහ එයට තිබෙන අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ට මෙම සමුළුව ගෝලීය වේදිකාවක් සපයනු ඇත. සියලුම පුරවැසියන්ට ප්‍රතිලාභ ලැබෙන අයුරින් සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම ප්‍රවර්ධනය කිරීම මෙම සමුළුවේ අවසාන ඉලක්කය වේ.

හෂීම්ගේ සහභාගීත්වය ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර වශයෙන් ඇගයීම් රාමු වැඩි දියුණු කිරීම සඳහා වූ ඔහුගේ කැපවීම යලි තහවුරු කරයි.

Previous articleග්‍රාමීය ආර්ථික සංවර්ධනයට මාර්ග සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂම කිරීම ඉවහල් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here