Home අද තනි පුද්ගලයෙකුට සියලු දේ වෙනස් කිරීමට හැකිවන්නේ නැහැ – ජනපති

තනි පුද්ගලයෙකුට සියලු දේ වෙනස් කිරීමට හැකිවන්නේ නැහැ – ජනපති

911
0

තනි පුද්ගලයෙකුට සියලු දේ වෙනස් කිරීමට හැකියාවක් නොමැති බවත්, වෙනසක් අවශ්‍යව තිබෙන්නේ . රටේ එක තැනකට පමණක් නොවන බවත් අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ලිහා බැලිය හැකි මල්ල ඔබා නොබැලිය යුතු බවත් තවත් දින දෙකක් ඒ සඳහා ඉවසා සිටින ලෙසත්ය .

රටේ අලුත් වෙනසකට මුල පිරිය යුතු බව අපේ රටේ ජනතාව තමන්ගේ ජන මතයෙන් ප්‍රකාශ කොට තිබෙනවා . එසේ වෙනස් කළ යුත්තේ රටේ නීතිය, රටේ ආර්ථික ගමන මෙන්ම සංස්කෘතිය ඇතුළු සියල්ලගේ වෙනසක් අවශ්‍යව තිබෙනවා .
අපි මානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට පෙන්වා දෙනු ලැබුවා මේ අලුත් ජනවරමේ තිබෙන එම වෙනසට අනුව අප රට පාලනය කිරීමට සූදානම් බව .
මේ රටේ ජනතාවගේ විශාල අහිංසක බලාපොරොත්තුවක් තිබෙනවා . එම බලාපොරොත්තු ඉටු කිරීමටත් අප සූදානම් බව මානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට අපේ පැත්තෙන් පෙන්වා දෙනු ලැබුවා .

උන්වහන්සේලාගේත් අපේක්ෂාව බවට පත්ව තිබෙන්නේ අපේ ජනතාව ඉතා හොඳින් බලාගෙන විශේෂයෙන් ගම්බද අහිංසක දුප්පත් ජනතාව මෙන්ම ගම්වල යටිතල පහසුකම් දියුණු කරන්න කියලයි උන්වහන්සේලත් අපට දැනුම් දුන්නේ .

විශේෂයෙන් අපි අපේක්ෂා කරන්නේ තනි පුද්ගලයෙකුට සියලු දේ වෙනස් කිරීමට හැකිවන්නේ නැහැ . රටේ එක තැනක නොවෙයි වෙනසක් අවශ්‍යව තිබෙන්නේ මේ රටේ පද්ධතියම වෙනස් කළ යුතුව තිබෙනවා . එම පද්ධතියෙම වෙනස ඇතිකිරීමට හැකිවන්නේ එම පද්ධතියටම සම්බන්ධ වී සිටින හැමදෙනාගේම සහයෙන් .

ආර්ථිකය වෙනසක් ඇති කිරීමට, කර්මාන්ත කරුවන් ව්‍යසායකයන් මෙන්ම වැඩ කරන ජනතාවගේ සහාය ඒ සඳහා අවශ්‍ය වෙනවා .

නීතියේ වෙනස ඇති කිරීමට ඒ සඳහා තිබෙන පද්ධතියේ සහාය අවශ්‍යයි . එම සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය

Previous articleඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක්
Next articleරනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ – ජාතික ලැයිස්තුවෙන්වත් පාර්ලිමේන්තු එන්නේ නෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here