Home අද අදම නව කැබිනට් මණ්ඩලයක් පත් කරන්නේ නෑ – ආචාර්ය හරිනි

අදම නව කැබිනට් මණ්ඩලයක් පත් කරන්නේ නෑ – ආචාර්ය හරිනි

405
0

නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායකගේ පත් වීමත් සමඟ නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම අද සිදු නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හරිනි අමරසුරිය පවසනවා.

ඇය මේ බව පැවසුවේ අද (23) නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

එහිදී ඇය කියා සිටියේ මේ වන විට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කල දිනේෂ් ගුණවර්ධන ඉල්ලා අස්වී තිබෙන බවය.

ඒ හේතුවෙන් ප්‍රථමයෙන් අග්‍රාමාත්‍ය ධුරයට කෙනෙක් පත් කල යුතු බවත් ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලය පත් කිරීම් සිදු කරන බව ඇය කියා සිටියා.

කැබිනට් මණ්ඩලයට සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිටින බව ඇය මෙහිදී කියා සිටියා.

Previous articleනව ජනපති දිවුරුම් දීමෙන් අනතුරුව කළ පළමු පත්කිරීම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here