Home අද මධ්‍යම රාත්‍රී 12ට පෙර ඡන්ද ප්‍රතිඵල ලබාදීමට හැකිවෙයි – මැතිවරණ කොමසාරිස් ජනරාල්

මධ්‍යම රාත්‍රී 12ට පෙර ඡන්ද ප්‍රතිඵල ලබාදීමට හැකිවෙයි – මැතිවරණ කොමසාරිස් ජනරාල්

112
0

අද (21) ආරම්භ වූ ජනාධිපතිවරණයේ ප්‍රදේශ මට්ටමින් ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පවසා සිටියේ, දිවයිනේ සියලුම ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්දය ගණන්කිරීමේ කටයුතු පස්වරු 8.00ත් 9.00ත් අතර කාලයේදී ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ, දිවයිනේ සෑම ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානයකම ගණන්කිරීමේ කටයුතු ආරම්භ වන්නේ එම ප්‍රදේශයට අයත් සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඡන්ද පෙට්ටි ලැබුණු පසුව බවය.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 712,318 (හත්ලක්ෂ දොලොස්දාස් තුන්සිය දහ අටක්) බවද මෙහිදී පෙන්වා දුන් සමන් ශ්‍රී රත්නායක මහතා, ඉන් 6,200ක් හැරෙන්න අනෙක් සියලු දෙනා නිකුත්කළ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කර තිබූ බව පැවසීය.

දිවයිනේ පිහිටි ගණන්කිරීමේ මධ්‍යස්ථාන 429ක තැපැල් ඡන්ද ගණනය කිරීම සිදුවෙන බවත්, එම කටයුතු ප.ව. 4ට ආරම්භ කරන බවද මෙහිදී පැවසීය.

Previous articleඡන්දෙන් පස්සේ “චණ්ඩි පාට්” බෑ – ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට වෙඩි තැබීමටත් අවසර
Next articleවිදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය රට ලැබූ පෙරළිකාර ජයග්‍රහණයක් බව ආර්ථික විශේෂඥයන් පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here