Home අද අනුර – නාමල් ලව් එක නිසා NPP මණ්ඩලේ කචල්

අනුර – නාමල් ලව් එක නිසා NPP මණ්ඩලේ කචල්

19749
0

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දෙන අවස්ථාවේ සිදු වූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් ජාතික ජන බලවේගය ඇතුලත දැඩි අර්බුදකාරී තත්වයක් මතුව ඇති බව වාර්තා වනවා.

වසරකට වැඩි කාලයක් පුරා ජනාධිපතිවරණයට සුදානම් වෙමින් පැවති රාජපක්ෂ පවුල් පාලනය සහ ඔවුන්ට සහය දැක්වූ කණ්ඩායම් දැඩි ලෙස විවේචනය කරමින් ගම්දනව් සිසාරා රැස්වීම පැවැත්වූ පිරිස් අද දින සිදුවූ සිදුවීම් නිසා දැඩි කලකිරීමට පත්ව ඇති බවට එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජාතික ජන බලවේගයේ නායක මෙන්ම ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාව ඉතාමත් සුහදව පිළිගනිමින් පිළිසඳරක නිරත වීම සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව බලයට ගෙන ඒමට මැතිවරණ ව්‍යාපාර මෙහෙයවමින් ජාතික ජන බලවේගයේ දැඩි විවේචනයට ලක්වූ මේ වනවිට ජනාධිපතිධුර අපේක්ෂකයෙක් වන දිලිත් ජයවීර මහතා සමග නීතිඥ සුනිල් වටගල සුහදව
සාකච්ඡා කිරීම මේ සඳහා හේතුවී ඇතැයි සඳහන් වනවා.

කේ. ඩී. ලාල්කාන්ත මහතා දුරකතනයෙන් අමතා නීතිඥ සුනිල් වටගලට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් පවසා ඇත්තේ ජාතික ජන බලවේගයට ජනතා ආකර්ෂණය ලැබෙන අවස්ථාවක තමන්ගේ පෞද්ගලික හිතවත්කම් පෙන්වීම සඳහා නාමයෝජනා දෙන අවස්ථාව සුදුසු නොවන බවයි.

කෙසේ වෙතත් නාම යෝජනා දෙන අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ සහ නීතිඥ සුනිල් වටගලගේ හැසිරීම් හේතුවෙන් පක්ෂය අභ්‍යන්තරයේ ගැටලුකාරී තත්වයක් මතුව ඇති අතර එය එම පක්ෂය මෙතෙක් ගෙන ගිය දූෂණ විරෝධී හඬ සහ දූෂිතයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනතාවට ලබාදී ඇති බලාපොරොත්තු සම්පූර්ණයෙන් කඩකිරීමක් බව වැඩි දුරටත් එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

Previous articleජනාධිපතිවරණයට තරඟකරුවෝ 39 ක්
Next articleජනාධිපති රනිල් ගෑස් සිලින්ඩරයෙන් එයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here