Home අද රට වෙනුවෙන් විශාල හීන දකින දැනට ඉන්න එකම නායකයා රනිල් – වික්ටර්...

රට වෙනුවෙන් විශාල හීන දකින දැනට ඉන්න එකම නායකයා රනිල් – වික්ටර් අයිවන්

1305
0

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව විදින ඉතාම නරක විදියට ප්‍රයෝජනයට නොගත් සම්පතක් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පවසනවා.

YouTube නාලිකාවක්  සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

රනිල් වික්‍රමසිංහ යනු රට වෙනුවෙන් විශාල සිහින දකින්නෙකු බවත් ඒ අසලකට හෝ ළඟාවීමට හැකියාවක් ඇති කිසිවකුත් තමන්ට දකින්නට නොලැබෙන බවත් ඒ මහතා කියා සිටිනවා.

මේ මොහොතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින්ගෙන් රටට හොඳම තෝරාගැනීම රනිල් වික්‍රමසිංහ බවත් තමන් එය මීට පෙරද සඳහන් කර ඇති බවත් මෙහිදී ඒ මහතා අවධාරණය කරනු ලැබුවා.

ඉතිහාසයේ ඇති වූ 33 වසරක යුද්ධය සහ 88 සහ 89 වසර වල සිදු වූ කැරලි දෙකටත් වඩා බරපතල අර්බුදයක් අවස්ථාවේ රට බාරගත් රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයේ ජනතාව විසින් පරික්ෂා කරන ලද පළමු නායකයා බවත් මීට පෙර එවැන්නක් සිදුව නැති බවත් මෙහිදී ඒ මහතා කියා සිටිනවා.

එම පරික්ෂාවට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනෙක් ඉදිරිපෙළේ අපේක්ෂකයින්ද ලක් වූවත් ඔවුන් එයින් අසමත් වූ බවත් එය බාර ගැනීමට පවා ඔවුන් ඉදිරිපත් නොවූ බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා එම අභියෝගය බාර ගැනීම එතරම් වැදගත්කමක් නොගත්තත් එයට මුහුණ දී එය ජයගත් ආකාරය ආශ්චර්යයක් බව ඒ මහතා කියා සිටියා.

තමන් රනිල් වික්‍රමසිංහ මහතාව දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයකු වුවත් ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඔහුගේ පාලන කාලය තුළ කිසිවකු අතුරුදන් වී හෝ ඝාතනය වී නොමැති බවත් නීතියට පටහැනිව කිසිවක් සිදුව නොමැති බවත් පෙන්වා දෙන ඒ මහතා කියා සිටින්නේ මේ වනවිට රනිල් වික්‍රමසිංහ වැරදි සහ හොඳ සංසන්ධනය කළහොත් වැරදි වලට වඩා හොඳ ඉතාමත් ඉහළින් ඇති බවයි.

මේ වන විට ශ්‍රී ලාංකීය ජනතාව තුළ රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා ඉහළ පිළිගැනීමක් ඇති වී තිබෙන බවත් වර්තමානයේ ජාත්‍යන්තර ලෝක නායකයින් අතර ඉතාම වර්ණවත් නායකයෙක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජාත්‍යන්තරයේ ද පිළිගැනීමක් ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පෙන්වා දෙනවා

ඒ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාව පහතින්

Previous articleදැන් රටේ ආර්ථික තත්වය ගැන මහ බැංකුව කියන දේ
Next articleරනිල්ට සහය දෙන්නයැයි පවිත්‍රාට පාක්ෂිකයින්ගෙන් දැඩි බලපෑම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here