Home අද අපිත් පොඩි ව්‍යාපාරිකයින්ට අතහිත දෙනවා – සජිත්

අපිත් පොඩි ව්‍යාපාරිකයින්ට අතහිත දෙනවා – සජිත්

1822
0

 

සමගි ජන බලවේග රජයක් තුළ නව ව්‍යාපාර හා ව්‍යවසායකයන් මිලියනයක් බිහි කරන බවත් ඔවුන් ප්‍රාග්ධනය ලබා දී සහන ලබා දී පවතින ව්‍යාපාර රැකගන්නා අතරතුර නව ව්‍යාපාර බිහි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දළ දේශීය නිෂ්පාදනය වැඩි දායකත්වයක් දෙන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බවත් ඔවුන් දශලක්ෂ ගණන් රැකියා ලබා දෙමින් දළ දේශීය නිෂ්පාදනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙන නිසා ඔවුන් රැකගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගම්පහ කටාන මිනුවන්ගොඩ හීනටියන ධම්මාලෝක මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ  වැඩසටහනට එක්වෙමිනි.

 

අලුත් ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට නව භූමියක් පහසු ප්‍රග්ධන ප්‍රවේශයක් දරාගත හැකි පිරිවැයක් හරහා ලබා දීම සිදු කරන බවත් සමගි ජන බලවේගයේ සිහිනය වන්නේ තොරතුරු තාක්ෂණ විෂය හදාරණ දූදරුවන් උගතුන් වන විට නව ව්‍යවසායකයන් බවට පත්ව තොරතුරු තාක්ෂණ අපනයනය ප්‍රවර්ධනය කරන නව පරපුරක් බිහි කිරීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 

එම නිසා තොරතුරු තාක්ෂණ නිෂ්පාදන හා ව්‍යවසායකයන් බිහි කරන්නට කැපවෙන බවත් අප රටේ පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියාවලට යොමු කළ යුතු නිසා තොරතුරු තාක්ෂණ නිපුණතා ඉහළම ඇති ශ්‍රම බලකායක් ඇති කළ යුතු බවත් පියවරෙන් පියවර ඉදිරියට ගොස් එකම ශ්‍රම බලකායක් තුළින් විදේශ ප්‍රේෂණ ලබා ගන්නවා වෙනුවට දියුණු ක්ෂේත්‍ර රැසකින් ප්‍රේෂණ ලබා ගෙන ආර්ථික වර්ධනය කරන නව ජාතික සැලසුමක් සකස් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

Previous articleහිඟුරක්ගොඩ ජාත්‍යන්ර ගුවන් ‌තොටුපොළේ සංවර්ධන කටයුතු අරඹයි
Next articleමෙරට ජාතික සම්පත රටේ තරුණ පරපුරයි – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here