Home අද සේවයට වාර්තා නොකළ දුම්රිය සේවකයින්ට රතු ලිපි යවයි

සේවයට වාර්තා නොකළ දුම්රිය සේවකයින්ට රතු ලිපි යවයි

1285
0

වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා “සේවය හැරගියා සේ සලකා” ලිපි නිකුත්කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු පැවසුවේ රටේ පවතින නීතියට අවනත නොවී වැඩවර්ජන සිදුකිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම ලිපි නිකුත්කළ බවයි.

අද පස්වරුවේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වරයා මේ බව කියා සිටියා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් එම ලිපි මේ වන විට වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිරුන්ට යවා ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉල්ලීම් ලබාගැනීම සඳහා බලහත්කාරය භාවිතා කිරීමට නොහැකි බවත් ජනතාවට බිල්ලට දෙමින් කරනු ලබන එම ඉල්ලීම් සම්බන්ධයෙන් ඇස් පියාගෙන සිටීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස කටයුතු කලේනම් හැකි බවත් දැන් ජනාධිපති ලෙස කටයුතු කරනුයේ රනිල් වික්‍රමසිංහ බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියා.

Previous articleඅපේ සහාය සජිත් ප්‍රේමදාසට – තිලංග
Next articleදුම්රිය වර්ජනය අත්හිටුවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here