Home අද බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳගෙන කම්කරුවන් එක්ක බෝතලේ ගහන නායකයෝ රට කනවා

බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳගෙන කම්කරුවන් එක්ක බෝතලේ ගහන නායකයෝ රට කනවා

983
0

බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳගෙන කම්කරුවො එක්ක බෝතලේ ගහන නායකයෝ රට විනාශ කිරීමට උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා පවසනවා.

කොළඹදී ඊයේ (08) පැවැති ‘එක්ව ජය ගමු‘ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා පැවසුවේ රට දැවැන්ත අභියෝග ජය ගනිමින් ඉදිරියට යන මොහොතේ වෘත්තීය සමිති පාරට බස්සවා රට විනාශ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් වන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයත් වර්තමානයත් අනාගතයත් ගැන හොඳින් දන්නා තමන් රට අවුල් නොකරන ලෙස ජවිපෙන් ඉල්ලා සිටින බව ද කීවේය. මේ අයට අවශ්‍ය කරන්නේ රට අවුල් කරන්න. මාස හතරෙන් බලයට එනවා කියනවා නම් මොකටද මේ අය වර්ජන කරන්නේ. රට ආපස්සට යවන්න හදන්නේ මොකටද, මාත් එක්ක එදා හිටපු අය එක්වෙලා ජනතා විමුක්ති පෙරමුණ හැදුවා. අද ඉන්න ජවිපෙ නායකයන් එදා ජවිපෙ අසීරු අවස්ථාවේ සිටියේ නැහැ.

අනුර කුමාර උපාධිය කරන්න ගියා. මගේ උපාධිය මං සම්පූර්ණ කළේ නෑ. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ හිටියේ. ආපු දේ ඉදිරියට ගෙනියන්න ඕන හින්දා මම පූර්ණ කාලීන දේශපාලනය කළා. අපේ පරම්පරා දෙකක් හිටියේ නෑ. අපිට දේශපාලනයෙන් පලායන්න වුවමනාවක් තිබ්බේ නෑ. අපි ඒක කරන්න උත්සාහ කළා. දේශපාලන මණ්ඩලයේ හිටපු හත් දෙනෙක්ම අද ජනතා විමුක්ති පෙරමුණේ නෑ. අද මේ කරන කාලකණ්ණි ක්‍රියාව ඇතුළේ මිනිස්සු ගැන ආදරයක් කරුණාවක් නැහැ. යැයිද හෙතෙම කීවේය.

Previous articleරාජ්‍ය සේවක වැටුප් තවත් වැඩිකරලා ජනතාව අපහසුතාවයට පත්කරන්න බෑ – රජය තීරණය කරයි
Next articleIIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන් මඟ තෝරා ගැනීමට දොර විවර කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here