Home අද අපි කුහකයෝ නෙමෙයි – සුබ ආරංචිය ගැන හර්ෂත් සතුටින්

අපි කුහකයෝ නෙමෙයි – සුබ ආරංචිය ගැන හර්ෂත් සතුටින්

1553
0

චීනය ජපානය ඉන්දියාව ඇතුළු නිල ණය හිමියන්ගේ කණ්ඩායම සමග ශ්‍රී ලංකාව එකඟතාවයට පැමිණීම සම්බන්ධයෙන් විපක්ෂයද සතුටු වන බව සමගි ජනබලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා පැවසුයේ රට ලබාගන්නා ජයග්‍රහණවලදී සතුටු නොවි සිටිමට තරම් කුහකයෝ නොවන බවයි,

“චීනය ජපානය ඉන්දියාව ඇතුළු නිල ණය හිමියන්ගේ කණ්ඩායම සමග ශ්‍රී ලංකාව එකඟතාවයට ඒම සම්බන්ධයෙන් අපි සන්තෝස වෙනවා. අපි කුහකයෝ නෙවෙයි. රටේ මිනිස්සුන්ට හොඳ දෙයෙක් සිද්ධ වෙනවානම් ශ්‍රී ලංකා මාතාව පැත්තෙන් පැතැත්ට අදින්න කකුල් අතපට කඩන්න අපි සුදානම් නැහැ. හුදෙක් කෙටිකාලීන දේශපානය කරනවානම් රටට මොනවා උනත් කමක් නැහැ කියලා අපිටත් ඇවිත් මේක විවේචනය කරන්න පුළුවන්. අපි එහෙම විවේචනය කරන්නේ නැහැනේ.  මේ රාජත්‍රාන්ත්‍රික සම්බන්ධතා අපි දැන් අවුරුදු 75 ක් තිස්සේ ගොඩනගාගත්තු දෙයක්. අපි සංතෝස වෙනවා නිල ණය හිමියන් සමඟ ආපු එකඟතාවය සම්බන්ධයෙන්. මේ ලියකිවිලි පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළාම මේවායේ ඇතුළාන්තය මොකක්ද කියලා බලන්න අපි බලාපොරොත්තු වෙනවා.  2028 වනතුරු ණය ගෙවීම කල්දැම්මා කියලා කියනවා. මේ කල් දැමීමේදී පොලිය ගෙවන්න සිදුවෙනවාද නැද්ද. 2043 වෙනකම් පොලිය කොහොමද මේ දේවල් ගැන අපි විස්තර ලබාගන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් හෙතෙම සඳහන් කළේය.

Previous articleහිරුණිකා වරදකරු වෙයි – වසර 3ක සිර දඬුවමක්
Next articleහිරුණිකා හිරේ යෑමේ වාසිය සජිත්ට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here