Home අද මට හේතු අවශ්‍ය නැහැ! – රජයේ නිලධාරීන්ට ජනපති කියපු කතාව

මට හේතු අවශ්‍ය නැහැ! – රජයේ නිලධාරීන්ට ජනපති කියපු කතාව

892
0

රාජ්‍ය නිලධාරීන් නීති හා අණපනත් පලිහයක් කර ගත යුත්තේ ජනතාවට සේවය කිරීමට මිස සමාගම්වලට සේවය කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රාජ්‍ය ආයතන අතර ගැටුම් අති කර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (15) පෙරවරුවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

“රාජ්‍ය නිලධාරීන් කාර්යක්ෂමව ක්‍රියා කළයුතුයි. මට හේතු අවශ්‍ය නැහැ. රාජ්‍ය දෙපාර්තමේන්තු අතර ප්‍රශ්න තිබෙන්න විදියක් නැහැ. රජයක් ලෙස සියලු දෙනා එක්වී ජනතාවට සේවය කළ යුතුයි.

වැවිලි ක්ෂේත්‍රයේ දී ඇතැම් නිලධාරින් අණපනත් පලිහයක් කර ගනිමින් කටයුතු කරනවා. 80 දශකයේ මීට අදාළ පනත සකස් කරන විට මේ පිළිබඳව මා අවධානය යොමු කර තිබෙනවා.

මේ ප්‍රදේශවලින් ෆයිනස් වගාව ඉවත් කරන්න කළින් ඒ පිළිබඳ විද්‍යාත්මක වාර්තාවක් ලබාගත යුතුයි. ඉංග්‍රීසින් මේ රට පාලනය කරන සමයේ ෆයිනස් වගාව තිබියදී තේ වගා කළා. ඒ නිසා සාවද්‍ය මතවලට හසුවන්න එපා. ෆයිනස් වගාව ඉවත් කිරිමට පෙර ඉන් ජල පෝෂක ප්‍රදේශවලට බලපෑම් සිදුවනවාද යන්න විද්‍යාත්මකව සොයා බැලිය යුතුයි.ෆයිනස් වගාව ඉවත් කර ටර්පන්ටයින් වගාවට යොමුවණේ ඇයි. ටර්පන්ටයින් වගාව මගින් ජලපෝෂක ප්‍රදේශ වලට බලපෑමක් ඇතිවෙනවා නම් එම වගාව ඉවත් කරන්න.

මෙම ප්‍රදේශයේ තිබෙන අධ්‍යාපන ගැටළු පිළිබඳ සාකච්ඡා කරන විට ගුරු හිඟය පිළිබඳව සඳහන් කෙරුණා. ගුරු පත්වීම් ගැනීමෙන් පසුව අවුරුද්දක්, දෙකක් යන විට ස්ථාන මාරු ලබා ගන්නවා. පත්වීම ලබා වසර පහක් ගතවනතුරු ගුරු ස්ථාන මාරු ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යංශයත්, පළාත් සභාවත් එක්ව සාකච්ඡා කර තීරණයක් ගත යුතුයි.

වතු පාසල් සඳහා අලුත් ඉඩම් ලබා ගැනීම පිළිබඳ කළ යෝජනාව සලකා බලා ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරිමට පියවර ගන්නවා.”

Previous articleපාසල් අවට හදිසි සෝදිසි මෙහෙයුම්
Next articleකුසගින්නට පක්ෂ, පාට බේදයක් නෑ – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here