Home අද නව ජනපති දිවුරුම් දීමෙන් අනතුරුව කළ පළමු පත්කිරීම

නව ජනපති දිවුරුම් දීමෙන් අනතුරුව කළ පළමු පත්කිරීම

189
0

ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා ජනාධිපති ලේකම් ලෙස පත්කර තිබෙනවා.

ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා මෙරට නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපති ලේකම්වරයා ලෙස ඒ මහතාව පත්කර ඇත.

ඔහු ශ්‍රී ලංකා රේගුවේ Integrity Devolopment Advisor ලෙස ද කටයුතු කළ අයෙකි.

ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ (Phd)උපාධිධරයෙක් වන අතර ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි.

මේ අතර ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ අවස්ථාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ, ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටියේ, පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නියමිත බවය.

නව ඇමති මණ්ඩලය පත්කිරීමෙන් අනතුරුව එම තීරණය ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේග මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා පත්වීමට නියමිතව තිබේ.

Previous article“මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ.මැජික්කරුවෙක් නොවේ” – ජනාධිපති
Next articleඅදම නව කැබිනට් මණ්ඩලයක් පත් කරන්නේ නෑ – ආචාර්ය හරිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here