Home අද දේශබන්දු රිමාන්ඩ්

දේශබන්දු රිමාන්ඩ්

17
0

අද දින (19) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

එසේම දේශබන්දු තෙන්නකෝන් ගේ ඇප ඉල්ලීම ගැන තීන්දුව හෙට දිනයේ ප‍්‍රකාශයට පත් කරන බවද එහිදී සඳහන් කෙරිණි.

විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබියදී පවා දින ගණනාවක් තිස්සේ ආරක්ෂක අංශ වෙතින් සැඟවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට බාර මාතර අධිකරණයට ඉදිරිපත් වීම සදහා අද පෙරවරුවේ එහි පැමිණියේය.

ඒ ඔහුගේ ඔහු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය.

මාතර වැලිගම ප්‍රදේශයේ සිදුවූ වැටලීමක් අතරතුර සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියකු මියාමේ සිදුවීමට අදාලව ඔහු ඇතුළු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබින.

කෙසේ වෙනත් ඔහු හැර සෙසු නිලධාරීන් සියලු දෙනා මේ වන විට පොලිසිය හමුවේ ප්‍රකාශ ලබාදී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිදු කර නොමැත.

අදාළ නඩුවේ සැකකරුවන්ගෙන් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා පමණක් සැඟවී සිටි අතර ඔහුගේ පෙත්සම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප වීමේ තත්ත්වය මත ඔහුට අධිකරණය හමුවේ භාරවීමට සිදු විය.

එසේම මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද දේශබන්දු තෙන්නකෝන් ගේ දේපොළ රාජසන්තක කිරීම සම්බන්ධව මාතර මහේස්ත්‍රාත් අධිකරණය ට කරුණු වාර්තා කිරීමට සූදානම්ව සිටි බවයි.

ඊයේ (18) ඔහුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී නිල ගිනි අවිය ලෙස සැලකෙන රිවෝල්වරයක් සහ ඇපල් ජංගම දුරකථන 2ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවත් ඒ ඔස්සේ තවත්  තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය

Previous articleගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ 400 ක් මරුට!
Next articleජර්මන් කාන්තාවක් ගලේවෙලින් ප්‍රාදේශීය සභාවට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here