මන්නාරමේ අදානි සුළං බල ව්‍යාපෘතියෙන් කිලෝවොට් පැයකට ඩොලර් ශත 7ක් පමණ මුදලකට විදුලිබලය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ අදානි ග්‍රීන් එනර්ජි අතර ද්විපාර්ශ්වීය එකඟතාවක් ඇතිවීමට ඉඩකඩ ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබේ.
ඉන්දීය අදානි ග්‍රීන් සමාගමෙන් ඩොලර් ශත 8.26කට විදුලි බලය මිල දී ගැනීමට මීට පෙර සැලසුම් කර තිබිණි. එහෙත් පසුව එම මිලදී ගැනීම් වෙනුවෙන් කිලෝ වොට් පැයකට ශත 5ත් 6ත් අතර මිලක් ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් යෝජනා කර තිබුණි.
අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘතියෙන් කිලෝවොට් පැයකට ඩොලර් ශත 7කට මිලදී ගැනීමේ එකඟතාවක් මත ව්‍යාපෘතියේ මූලික වැඩකටයුතු ලබන ජුනි මාසයේ යළි ආරම්භ වනු ඇති බව ත් එය දෙපාර්ශ්වයට ම එකඟ විය හැකි මිලක් වනු ඇති බවත් ‘ද හින්දු’ වාර්තාව පෙන්වා දෙයි.
මේ අනුව ව්‍යාපෘතිය තවමත් සම්පූර්ණයෙන් ම නවතා දැමීමට අදානි ග්‍රීන් සමාගම කටයුතු කර නැති බව ඉන්දීය මාධ්‍ය වාර්තාව පෙන්වා දෙන අතර බලශක්ති ව්‍යාපෘතිය නැවත තම සමාගමේ න්‍යායපත්‍රයට ඇතුළත් කර ගැනීමට උනන්දුවෙන් සිටින බව එම වාර්තාව සඳහන් කරයි. ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කළ බව ප්‍රකාශ කළ නමුත් එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වයටම තවම ඉඩ තිබෙන බැවින් අදානි සමාගම ‘දොර ළඟ අඩියක් තබාගෙන ඇති බව’ එම වාර්තාව පෙන්වා දෙයි.