Home අද මිහින්තලා විහාරාධිපති හිමියන්ට මරණ තර්ජන – නාහිමියන්ට හා පුදබිමට විශේෂ ආරක්ෂාවක් !

මිහින්තලා විහාරාධිපති හිමියන්ට මරණ තර්ජන – නාහිමියන්ට හා පුදබිමට විශේෂ ආරක්ෂාවක් !

15
0

මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට සහ මිහින්තලා පුදබිමට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණට ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මිහින්තලා රජමහ විහාරාධිපති හිමියන්ට පවතින ජීවිත තර්ජන සම්බන්ධයෙන් කරන ලද විශ්ලේෂණ වාර්තාවක් පදනම් කරගනිමින් මෙම දැනුම් දීම සිදුකර තිබෙන බව වාර්තා වෙයි.

මිහින්තලා රජමහ විහාරාධිපති හිමියන් විසින් අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත සිය මූලික පැමිණිල්ල මගින් සඳහන් කර ඇත්තේ, යූටියුබ් නාළිකාවක් සහ නිව්ස් වෙබ් අඩවියක යූටියුබ් නාළිකා කිහිපයක් මගින් තමන්ට දිගින් දිගට ම අපහාස සිදුකරමින් තර්ජනාත්මක වදන් පළ කරමින් සිටින බවයි. මෙම තර්ජන හා බලපෑම්වලට අදාළව මෙන් ම කප්පම් ඉල්ලීම්වලට අදාළව දැනට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ දිසා අධිකරණයේ වෙන් වෙන්ව අපරාධ සහ සිවිල් නඩුවක් පවතින බව ද විහාරාධිපති හිමියන් සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මෙලෙස අධිකරණයේ නඩු දෙකක් පවතින පසුබිමක වුවද තවදුරට ත් තමන්ට විවිධ ආකාරයෙන් ජීවිත තර්ජන අපහාස කිරීම් මෙන් ම කප්පම් ඉල්ලීමේ සිද්ධීන් පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර තමන්ට ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් තක්සේරු කොට අවශ්‍ය ආරක්ෂාව තමන්ට සහ මිහින්තලා පුදබිමට ලබා දෙන ලෙසට ධම්මරතන හිමියෝ ස්වකීය පැමිණිල්ල මගින් තවදුරටත් ඉල්ලා ඇත.

ඒ අනුව, අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් මිහින්තලා රජමහ විහාරාධිපති හිමියන්ට සහ මිහින්තලා පුදබිමට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙසට අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලිඛිතව උපදෙස් ලබා දී තිබේ.

Previous articleජනපතිගේ දැනුම්දීම මත තොරතුරු කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි !
Next articleද්වීපාර්ශ්වීය එකඟතා මත අදානි යළි එයි ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here