Home අද ගනේමුල්ල සංජීව ඝාතනය : බූස්ස බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට !

ගනේමුල්ල සංජීව ඝාතනය : බූස්ස බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට !

16
0

ගනේමුල්ල සංජීව නම් අපරාධ කල්ලි සාමාජිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලදී ඔහුව ඝාතනය සිදුවූ දින බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය දක්වා ගෙන ඒම සඳහා ආරක්ෂාව භාරව සිටි ප්‍රධාන ජේලර්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කරන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකපිට මෙම ජේලර්වරයා අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ජේලර්වරයාගෙන් මීට පෙරද අපරාධ කොට්ඨාසය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබී ඇති අතර දෙවන වරටද කැඳවා පැය 4ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය

Previous articleනවසීලන්ත – ශ්‍රී ලංකා තෙවන 20-20 තරඟය අත්හැර දමයි !
Next articleලෝක බලවතුන් දෙදෙනෙකු අතර තීරණාත්මක සාකච්ඡාවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here