Home අද නවසීලන්ත – ශ්‍රී ලංකා තෙවන 20-20 තරඟය අත්හැර දමයි !

නවසීලන්ත – ශ්‍රී ලංකා තෙවන 20-20 තරඟය අත්හැර දමයි !

23
0

නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුව තිබේ.

නවසීලන්තයේ ඩනෙඩින් හිදී ආරම්භ වූ මෙම තරගය ක්‍රියාත්මක කිරීමට හැකි වුයේ පන්දුවාර 14යි එක් පන්දුවක් පමණි. ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාවත් සමඟ තරගය ප්‍රමාද වී ආරම්භ වූ අතර, එහිදී එක් ඉනිමක් පන්දුවාර 15කට සීමා විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලබාදුන් අතර එහිදී ඔවුන් පන්දුවාර 14යි එක්පන්දුවක් තුළ කඩුලු 03ක් දැවී ලකුණු 101ක් ලබා සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

වර්ෂාවත් සමඟ තරගය යළි ආරම්භ කිරීමට අවස්ථාවක් හිමි නොවූ අතර, ඒ අනුව තරග අතහැර දැමීමට සිදු විය.

ඒ, අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය. දෙරට අතර පැවති පළමු 20-20 තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයගත් අතර, දෙවන තරගය ජයගත්තේ නවසීලන්ත කාන්තා කණ්ඩායමයි.

Previous articleමාසෙන් දෙකෙන් මේක තමයි යුක්තිය කියලා පෙන්නන්න අපිට බෑ – අප්‍රේල් 21 පෙළපාලියට මමත් එනවා – ඇමති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
Next articleගනේමුල්ල සංජීව ඝාතනය : බූස්ස බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here