රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත් ඉන්ධන ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා සභාපති උපුටා දක්වමින් සිරස news 1st වාර්තා කරයි.
මෙවැනි පුවතක් ප්‍රචාරය කිරීමට හේතුවී තිබෙන්නේ ඉන්ධන බෙදුම්කරුවන්ට මේ වන විට හිමිවන 3%ක වට්ටම් මුදල අහෝසි කර එය හෙට (මාර්තු 01) සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදු කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමත් ඊට ප්‍රතිචාර දක්වමින් අලුතින් ඉන්ධන ඇනවුම් නොකිරීමට තෙල් බෙදුම්කරුවන් ගේ සංගමය තීරණය කර තිබීමය.
අද (28) මධ්‍යම රාත්‍රියේ සිට තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අද (28) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කෙරිණ.
එහිදී ඔවුන් පවසා සිටියේ මේ වන විට පවතින සංචිත බෙදා හැරීම පමණක් සිදුකරන අතර අලුතින් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකර බවයි.
කෙසේ වෙතත් මේ හමුවේ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් මතුවෙතැයි සැකකරන මෝටර් රථ හිමියන් ඉන්ධන තොග රැස්කිරීමට උත්සාහ ගැනීම හේතුවෙන් ඉන්ධන හල් කිහිපයක් ආශ්‍රිතව පෝලිම් ඇතිවෙමින් තිබේ.
මෙතෙක් අප වෙත ලැබුණු වාර්තා අනුව, කොළඹ ඇතුලු මත්තේගොඩ , මහරගම , තලවතුගොඩ, මෙන්ම කොළඹින් බැහැර කළුතර උතුර, පානදුර ඇතුළු ස්ථාන කිහිපයක ඉන්ධන හල් අසළ සුළු පෝලිම් හටගෙන තිබේ.
එසේම ඉන්ධනහල් 1,400 ක් නියෝජනය කරන ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය, සියලුම රාජ්‍ය ආයතනවලට ණය මත ඉන්ධන සැපයුම නතර කිරීමට ද තීරණය කර තිබේ.
3% වට්ටම අහිමියි – තෙල් ඇනවුම් කිරීමෙන් තෙල් බෙදුම්කරුවන් ඉවත් වෙයි !