Home අද දේශබන්දු අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් !

දේශබන්දු අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් !

65
0

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (28) නියෝග කර තිබේ.

වාර්තා වන ආකාරයට මාතර වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීම සහ එම වෙඩි තැබීම වැලිගම පොලිසිය විසින් වැලැක්වීමේදී පොලිස් නිලධාරියකු මරණයට පත්වීම සම්බන්ධයෙන් වන නඩු කටයුත්තට අදාළවය.

2023 දෙසැම්බර් 31 වනදා සිදුවූ මෙම අපරාධය රටේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් වැලිගම පිහිටි හෝටලයකට පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා කළ වෙඩි තැබීම කිසියම් අයකුගේ පුද්ගලික උවමනාවක් ඉටුකිරීමක් බවට සැකකරන තොරතුරු රැසක් ප්‍රචාරය වීම හමුවේය.

එසේම හෝටලයට වෙඩි තැබූ ගමන සඳහා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ සිට වැලිගමට ගොස් ඇත්තේ ද ව්‍යාජ අංක තහඩු යෙදූ වෑන් රථයකින් වීම, සිවිල් ඇඳුමින් සැරසී ගොස් සිදු කළ මෙම වෙඩි තැබීමත් සමඟ හෝටලයෙන් හදිසි ඇමතුම් අංශයට දැනුම්දීමක් සිදුකිරීම සමඟ එම ස්ථානයට වැලිගම පොලීසියේ රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි කැබ් රථයේ සිටි නිලධාරීන් කණ්ඩායමක් පැමිණී අවස්ථාවේ වෑන් රථය පළායාම, අවස්ථා කිහිපයකදීම එම වෑන් රථය නතර කිරීමට අණකර ඇතත් එම අණ නොතකා ධාවනය කිරීම සහ ඒ අවස්ථාවේ වැලිගම පොලීසියේ ජංගම ජීප් රථයේ සිටි හමුදා සෙබළෙක් විසින් වෑන් රථයේ සිටින්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බව නොදැන වෙඩි තැබීම, වෙඩි ප්‍රහාර හමුවේද වෑන් රථය පළායාම, වැලිගම රෝහල ඒ ආසන්නයේ තිබුණත් වෙඩි වැදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ජීවිතය බේරාගැනීමට ඔවුන්ව රෝහල්ගත නොකිරීම, වෙඩි වැදී වෑන් රථයේ පිටුපස වීදුරුව බිඳුණු වෑන් රථය අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට අධිවේගී මාර්ග පොලීසියේ නිලධාරීන් ඉඩ නොදී පරීක්ෂා කරන විටත් වෙඩි වැදුණු දෙදෙනා අතර සිටි සැරයන්වරයා සිට ඇත්තේ රුධිරය වහනය වී මිය ගොස් සිටීම, එහිදී තමන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බව පවසා එහි සිටි නිලධාරීන් පලායාමට උත්සහා දරා ඇතත් ඊට අධිවේගී මාර්ග පොලිස් නිලධාරීන් ඉඩ නොදීම, එවකට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය නීත්‍යනුකූල වැටලීමක නිරතව සිටියදී වැලිගම පොලීසියේ නිලධාරීන් විසින් අනීතිකව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ වාහනයට වෙඩි තබා ඇති බවට ප්‍රචාරය වීම, සහ විමර්ශන වල ඉදිරි කටයුතු වලදී දේශපාලන බලපෑම් එල්ලවීම වැනි කරුණු නිසාද මෙකී සිදුවීම රටේ ආන්දෝලනාත්මක විට.

කෙසේ වුවත්වෙඩි වැදී මිය ගිය පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කිරීමටත් ඔහු වීර ක්‍රියාවක් සිදුකළ නිලධාරියෙක් සේ සලකා මුදල් ත්‍යාග ද ලබාදීම විවේචනය විය.

Previous article3% වට්ටම අහිමියි – තෙල් ඇනවුම් කිරීමෙන් තෙල් බෙදුම්කරුවන් ඉවත් වෙයි !
Next article2030 දී ත්‍රිවිධ හමුදාව සීමා කරන හැටි ජනපති දත්ත සමඟ කියයි : විපක්ෂයටත් කුඩු වෙන්න ගහයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here