Home අද බිලියන 1,400 ක ප්‍රාග්ධන වියදම් ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන්න – ජනපතිගෙන්...

බිලියන 1,400 ක ප්‍රාග්ධන වියදම් ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන්න – ජනපතිගෙන් දිසාපතිවරුන්ට උපදෙස්

14
0

රුපියල් බිලියන 1,400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 08 තුළ ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරු සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (27) පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදී තිබේ.

ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමෙන් රටේ ආර්ථික වර්ධනය 3%- 4%ක් අතර ප්‍රමාණයකින් ඉහළ දැමිය හැකි බවත්, ආර්ථිකය ගමට ප්‍රසාරණය කිරීමේදී පවත්නා ආර්ථික අවස්ථා වර්ධනය කිරීමත්, නව ප්‍රභව හඳුනා ගැනීමේ අවශ්‍යතාව පැන නැගී තිබෙන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව තුළ පවතිනුයේ යහපත් ආකල්පයක් නොවන බවත්, රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව ඊට හේතුවී ඇති බවත් සඳහන් කර ඇති ජනාධිපතිවරයා, තෘප්තිමත් රාජ්‍ය සේවකයෙකු නිර්මාණය කරමින්, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිමේ අවශ්‍යතාව එහිදී පෙන්වා දී තිබේ.

2025 අයවැය යෝජනා මගින් ඉදිරිපත් කළ වැටුප් හා අතිකාල දීමනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කොට තිබෙන අතර දැනට රාජ්‍ය සේවයේ පුරප්පාඩු 30,000ක් හඳුනාගෙන ඇති අතර කාණ්ඩ වශයෙන් එම බඳවා ගැනීම් සිදු කිරීමට අපේක්ෂා කරන බවත්, රාජ්‍ය සේවයේ මැද ස්ථරය එමඟින් සම්පූර්ණ වන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

සංවර්ධනය යනු ගොඩනැඟිලි, පාලම් ඉදිකිරීම පමණක් නොවන බවත්, කඩා වැටී ඇති සමාජ දේහයද ඉහළට ඔසවා තැබිය යුතු බවත් එහි ප්‍රධාන කාර්ය භාරයක් දිස්ත්‍රික් ලේකම්වරුන් සතුව පවතින බවද ජනාධිපතිවරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් ඉදිරියේ අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Previous articleජනාධිපතිගේ පොරොන්දුව බිමල් කඩලා : ඒකාධිපති ලෙස හැසිරෙනවා – බරපතළ චෝදනාවක් !
Next articleවිපක්ෂනායකගේ මාධ්‍ය ප්‍රකාශක ධූරය ගම්පහ ප්‍රසාද් ට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here