Home අද ජනාධිපතිගේ පොරොන්දුව බිමල් කඩලා : ඒකාධිපති ලෙස හැසිරෙනවා – බරපතළ චෝදනාවක් !

ජනාධිපතිගේ පොරොන්දුව බිමල් කඩලා : ඒකාධිපති ලෙස හැසිරෙනවා – බරපතළ චෝදනාවක් !

132
0

තමන් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කමිටුවට පත්කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක පොරොන්දු වුවද සභානායක අමාත්‍ය බිමල් රත්නායක එය ඉටුනොකොට “ඒකාධිකාරී” ලෙස හැසිරී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් චෝදනා කරයි.

ඊයේ (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මෙකී චෝදනාව එල්ලකර සිටියේය.

එහිදී රවුෆ් හකීම් මන්ත‍්‍රීවරයා පවසා සිටියේ, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටුවට ඇතුළත් වීම සඳහා තමන් සිදුකළ ඉල්ලීම අනුව තමන්ව ඊට පත්කරන බවට ජනාධිපති අනුර දිසානායක තමාට වාචිකව පොරොන්දුවූ බවයි.

කෙසේ වුවත් ඒ පොරොන්දුව සභානායක අමාත්‍ය බිමල් රත්නායක කඩකර ඇති බවද මන්ත‍්‍රීවරයා සඳහන් කර සිටියේ ය.

මෙහිදී බිමල් රත්නායක මහතා හා රවුෆ් හකීම් මහතා අතර උණුසුම් වචන හුවමාරුව්ද සිදුවිය.

එහිදී මන්ත‍්‍රීවරයා “බොරු කියන බවත් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලිව විපක්ෂනායකවරයා වෙත ලිඛිතව දැනුම්දී ඇති බවත් බිමල් රත්නායක අමාත්‍යවරයා පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පවසා සිටියේ තමන් බොරු කියන බවට චෝදනා කරනවා නම් ඒ සම්බන්ධව ජනාධිපතිගෙන් කරුණු විමසා දැනගත හැකි බවයි.

තමන් පක්ෂ නායකයකු ලෙස අඛණ්ඩව වසර 30ක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නෙකු බවද එහිදී මන්ත‍්‍රීවරයා සිහිපත් කර සිටියේය.

Previous articleනේපාලයේ රිච්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්
Next articleබිලියන 1,400 ක ප්‍රාග්ධන වියදම් ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන්න – ජනපතිගෙන් දිසාපතිවරුන්ට උපදෙස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here