Home අද නේපාලයේ රිච්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

නේපාලයේ රිච්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

17
0

නේපාලයේ අද (28) අළුයම භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එය රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයක් සටහන් වී තිබෙන අතර කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 65ක් දුරින් පිහිටි මධ්‍යම නේපාලයේ සින්දුපල්චොව්ක් දිස්ත්‍රික්කයට අයත් භයිරව්කුන්ඩා ප්‍රදේශයේ මෙය සිදුව තිබෙන බව සඳහන්.

නේපාලයේ ජාතික භූමිකම්පන නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, අලුයම ඇති වූ කම්පනය හේතුවෙන් එරට ප්‍රදේශ කිහිපයක, විශේෂයෙන් නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ජනතාවට මෙම කම්පනය දැනී තිබෙන බවයි.

එමෙන්ම ඉන්දියාව, ටිබෙටය මෙන්ම චීනයේ මායිම් ප්‍රදේශවලට ද මෙම කම්පන දැනී ඇති බවට වාර්තා වන අතර සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවද සඳහන් වේ.

Previous articleපියවි ඇසින් ග්‍රහලෝක නැරඹීමේ දුර්ලබ අවස්ථාවක් අද උදාවෙයි
Next articleජනාධිපතිගේ පොරොන්දුව බිමල් කඩලා : ඒකාධිපති ලෙස හැසිරෙනවා – බරපතළ චෝදනාවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here