Home අද මෙහෙම ගියොත් ඕන අපරාධයක් කරලා රාජපක්‍ෂ ගිනුමට දායි : CID ගිය නාමල්...

මෙහෙම ගියොත් ඕන අපරාධයක් කරලා රාජපක්‍ෂ ගිනුමට දායි : CID ගිය නාමල් ගෙදර යන ගමන් කියයි !

75
0

ආණ්ඩුව කටයුතු කරමින් සිටින ආකාරයට අනුව ඕනෑම අපරාධයක් සිදුකර එය රාජපක්‍ෂවරුන් වෙත බැරකර සැබෑ අපරාධකරුවන්ගෙන් සැඟවීමට අවස්ථාව උදාවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ පවසයි.

නිවාඩු දිනවල පවා තමන් ඇතුළු රාජපක්‍ෂවරුන් පසුපස පන්නන ආණ්ඩුව ඒ කැපවීම තමන් මැතිවරණ සමයේ ජනතාවගේ එදිනෙදා මුහුණදෙන ගැටළු විසඳීම වෙනුවෙන් ලබාදුන් පොරොන්දු ඉටුකිරීමටද යොදනවා නම් වැදගත් බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මේ බව පවසා සිටියේ ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඉන් පිටවයන අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමිනි.

වාර්තා වන ආකාරයට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණී මන්ත‍්‍රීවරයා පැය 05කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදී තිබේ.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී එයාර්බස් සමාගම සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අතර සිදුවූ  අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පසුගිය සමයේ චෝදනා එල්ල විය.

ඒ එම එයාර්බස් සමාගමට අදාළව විදෙස් අධිකරණයක පැවති නඩු කටයුත්තකට ඉදිරිපත් වී තිබූ ලිපිලේඛන හරහාය.

එම ලිපිලේඛන වල එයාර් බස් සමාගම විසින් මෙම ගුවන් යානා අලෙවි කිරීමට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නගේ බිරිඳ වන නියෝමාලි විජේනායක ට අල්ලසක් ලබාදී ඇති බවට සඳහන් වේ.

එම තොරතුරුවලට අනුව මෙම ගුවන් යානා ගනුදෙනුව සිදුකිරීමට පෙර එයාර්බස් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 16ක අල්ලස් මුදලක් කපිල චන්ද්‍රෙස්න ගේ බිරිඳට ලබාදීමට සාකච්ඡා කර ඇති අතර ඒ සඳහාම බෘනායි හී පිහිටුවූ සමාගමකට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් බැර කර තිබෙන බවද අනාවරණ කර තිබුණි.

ඒ අනුව ප්‍රශ්නගත ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළ අතර 2020 වසරේ පෙබරවාරි 06 වනදා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

පසුව ඔවුන් ඇප මත මුදා හැරුණු අතර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නීති කෘත්‍යය අඛණ්ඩව සලකා බැලුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ එවැනි පසුබිමකය

Previous articleඇමරිකානු පුරවැසිභාවය අවශ්‍යද ? මෙන්න අලුත්ම ක්‍රමය
Next articleබුකියේ දාපු ලිපියක් නිසා පෝද්දල ජයන්තට සහ සනත් බාලසූරියට ලෙඩක් වැටිලා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here