Home අද සමාජ මාධ්‍ය හරහා උපයන ඩොලර් වලට 15% බද්දක්

සමාජ මාධ්‍ය හරහා උපයන ඩොලර් වලට 15% බද්දක්

74
0

සමාජ මාධ්‍ය හරහා උපයන ඩොලර් වලට 15% බදු මුදලක් අයකර ගැනීමට රජය පියවර ගෙන ඇත.

අන්තර්ජාල මුදල් උපයන්නන් සඳහා රජය කිසිදු පහසුකමක් ලබා නොදී 15% බදු මුදලක් අය කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව සමාජ මාධ්‍යවල දැඩි විරෝධය මතුකර තිබේ.

නව බදු මුදල් අය කිරීම සඳහා රජය ගෙන ඇති පියවරට එරෙහිව සමාජ මාධ්‍ය රැසක විරෝධය පළ කරමින් සඳහන් කරන්නේ ඉදිරියේදී අන්තර්ජාල ගිණුම්වලම තම මුදල් රඳවා ගන්නා බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය බදු ආදායම බරපතළ ලෙස බිඳ වැටීම හේතුවෙන් සමාජ මාධ්‍ය හරහා උපයන ඩොලර් සඳහා15% බද්දක් අය කර ගැනීමට කටයුතු කරන බවයි.

“සමාජ මාධ්‍ය හරහා උපයන ඩොලර් වලට මීට වඩා බදු මුදලක් අය කර ගත යුතු බවට යෝජනා වී තිබුණා කොහොම වුනත් මේ බදු මුදල අය කරන්න අපට සිද්ධ වෙනවා. එහෙම නොවුනොත් ඊට වඩා බරපතල බදු වලට යන්න යන්න වෙනවා. කොහොම වුණත් මේ සම්බන්ධව යම් සහනයක් දෙන්න හැකිනම් ඒ ගැනත් අපි බලන්නම් ” යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලීන්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.

Previous articleපෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමටත් බාල්දියක් !
Next articleඇමරිකානු පුරවැසිභාවය අවශ්‍යද ? මෙන්න අලුත්ම ක්‍රමය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here