මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ මනුෂ්‍ය ඝාතනයන්ට සම්බන්ධ පාතාල ප්‍රබලයෙකු ලෙස සඳහන් මාකඳුරේ මදූෂ් යන අයගේ අවමගුලට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගි වී සිටින ඡායාරූපයක් සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, H. S. K. J. බංඩාර විසින් වැඩ බලන පොලිස්පති වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.
ඊයේ (24) යොමුකර ඇති මේ පැමිණිල්ලේ විශේෂත්වය වන්නේ මෙකී ජායාරූපය ෆේස්බුක් දැමූ පාර්ශ්වයද නම් කර තිබීමයි.
මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ආකාරයට සකසන ලද ඡායාරූපයක් බවත්, එම ඡායාරූපය පල කිරීම මගින් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීමට මෙම පුද්ගලයා කටයුතු කර ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
කිසිදු තහවුරු කර ගත් මූලාශ්‍රයකින් තොරව ජනාධිපතිවරයා මෙම අවමගුලට සහභාගී වූ බවට ප්‍රකාශ කරමින් මෙම ඡායාරූපය පල කළ පුද්ගලයා සම්බන්ධයෙන් සුදුසු විමර්ශනයක් පවත්වා ඒ අනුව යෝග්‍ය නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, H. S. K. J. බංඩාර විසින් පොලිස්පති තුමා වෙත ලිපියක් යවමින් දන්වා තිබේ.
පහත පලවන්නේ අදාල ලිපියයි.