Home අද එළිමහන් සංගීත ප්‍රසංගවල සීමා සංශෝධනයට පියවර !

එළිමහන් සංගීත ප්‍රසංගවල සීමා සංශෝධනයට පියවර !

13
0

කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර,එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහාත් මහජන පීඩා ඇති නොවන පරිදි දැනට පවතින සීමා සංශෝධනය කිරීමටත් කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.

එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිසක් අතර ඊයේ (24) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමේ කාල සීමාව දීර්ඝ කර ගැනීම, ක්‍රීඩාංගණ වෙන්කර ගැනීමේදී ඇති ගැටලු මගහරවා ගැනීම, ශබ්ද විකාශන බලපත්‍ර ලබා ගැනීමේදී ඇති ගැටලු විසඳා ගැනීම, ශිල්පීන්ගේ අයකිරීම් සාධාරණ මට්ටමක පවත්වා ගැනීම, විනෝද බද්ද අය කිරීමේදී පවතින විෂමතා ඉවත් කරගැනීම සහ රසිකයන්ගේ ආරක්ෂාව තර කිරීම ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ගෙන තිබෙන අතර ඒ සඳහා නව යෝජනා මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන්ද අදහස් සාකච්ඡා කර තිබේ.

Previous articleසැප්තැම්බර් අවසානයට පෙර විවාහ ලියාපදිංචිය අනිවාර්යයි – එසේ නොවුණහොත් රැකියාවෙන් ඉවතට !
Next articleජනපති අනුර, මාකඳුරේ මදූෂ්ගේ අවමගුලට ගිය ඡායාරූපයට ලෙඩක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here