Home අද ගණේමුල්ල සංජීව ඝාතකයාගේ කන් අඩි පුපුරලා – නීතිඥයින් අධිකරණයට දැනුම්දෙයි

ගණේමුල්ල සංජීව ඝාතකයාගේ කන් අඩි පුපුරලා – නීතිඥයින් අධිකරණයට දැනුම්දෙයි

30
0

සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න ‌හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුගේ කන් අඩි පිපිරීමක් සිදුව ඇතැයි ඔහුගේ නීතිඥ අජිත් පතිරණ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (24) දැනුම් දී තිබේ.

තම සේවාදායකයා වන අංක 202/1/ඒ, දඹහේන පාර, මහරගම පදිංචි 27 හැවිරිදි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි නමැති අයගේ කන් අඩි පිපිරීමක් සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් ඔහුගේ කන් නොඇසෙන බව ප්‍රකාශ කරන බවත් අධිකරණය වෙත දන්වා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා තම සේවාදායකයා ප්‍රතිකාර සඳහා යොමු කරන්නැයිද ඉල්ලා තිබේ.

තම සේවාදායකයාගේ කන්අඩි පිපිරීමක් සිදුව ඇතත්, එය සිදුව ඇත්තේත් ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ වරාය පොලිසියේ රඳවා සිටියදී නොවන බවත් සඳහන් කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය දුන් අවසරය පරිදි තම කනිෂ්ඨ නීතිඥවරුන් දෙදෙනකු සැකකරුට අවශ්‍ය නීති උපදෙස් දීම සඳහා ඔහු රැඳී සිටින ස්ථානයට ගිය අවස්ථාවේදී එම කරුණු අනාවරණය වී ඇතැයි ද අධිකරණය වෙත දන්වා තිබේ
තම සේවාදායකයාගේ කන්අඩි පිපිරීම පිළිබඳ පොලිසියට චෝදනා නොකරන බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ දන්වා තිබේ.

සැකකරුගේ නීතිඥවරයා පවසන දෙය පිළිබඳ දැනුවත් දැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ගෙන් විමසා ඇති අතර එවැනි දෙයක් පිළිබඳ විමර්ශන නිලධාරින්ට සැකකරු ප්‍රකාශ කර නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා තිබේ

Previous articleගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් ඉෂාරාගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට
Next articleඩොනල්ඩ් ට්‍රම්ප් හා ප්‍රංශ ජනාධිපති අතර හමුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here