අධිකරණය ඇපමත මුදාහැර සිටි වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් මහතා තමිල්නාඩු පොලිසිය විසින් ඊයේ (12) සවස අත්අඩංගුවට ගෙන ඇත.
හිටපු මන්ත්‍රීවරයා මෙරට සිට එක් ගමන් බලපත්‍රයක් පාවිච්චි කරමින් චෙන්නයි වෙත ගොස් වෙනත් ගමන් බලපත්‍රයක් යොදාගෙන එතැන් සිට යුරෝපා රටකට පැන යෑමට උත්සාහ දරා තිබේ.
තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තිලීපන් හිටපු මන්ත්‍රීවරයා කේරළයේ අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.
ඉඩම් ගණුදෙනුවක් සම්බන්ධයෙන් මීට සති දෙකකට පෙර තිලීපන් මන්ත්‍රීවරයා වවුනියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
මන්ත්‍රීවරයා ඉඩමක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් ලබා ගත් බව කියන රුපියල් ලක්ෂ තිහක මුදල වාරික තුනකින් අවසන් කරන ලෙස අධිකරණය ඔහුට දැනුම් දී ඇත.
කෙසේ වෙතත් අධිකරණ නියෝගයට අනුව මුදල් නොගෙවා ඔහු යුරෝපා රටකට පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී මෙලෙස තමිල්නාඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත